( රොමේෂ් ධනුෂ්ක සිල්වා )
අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධී බවට, මන්ත්‍රීවරු 122 දෙනෙකුගේ අත්සන් ලේඛනයක් සහිත ලිපියක් ඉදිරි ක්‍රියාමාර්ග සඳහා ජනාධිපතිතුමා වෙත යොමු කරන බව කතානායක මාධ්‍ය ඒකකය පවසයි.
විශ්වාස භංග යෝජනාවේ පිටපතක්ද මේ සමඟ දක්වා ඇති අතර සභාවේ තීරණය ව්‍යවස්ථා විරෝධී බවට ද එහි දක්වා ඇත.
එම අත්සන් ලේඛනය සහිත ලිපිය පහත දැක්වේ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු කතානායකතුමනි, එහෙනම් බහුතරයක් ඇති කණ්ඩායමේ නායකයාට අගමැති ලෙස කටයුතු කිරීමට ඇති අයිතිය ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් සාධාරණය කොට රටට, ලෝකයාට ආදර්ශමත් ලෙස නීතියේ ආධිපත්‍යය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වේ යන වග ඔප්පුකර අපේ රට අපකීර්තියෙන් කඩිනමින් බේරාගන්න..!!!
සිංහල යෝජනාවට දෙමලෙන් අත්සන් කරලා...
සිරිසේන ජනාධිපතිතුමනි, ඔබගේ මීලග තුරුම්පුව කුමක්ද? නම්බුපිටින් ඉල්ලා අස්වීමද?
නිසාර් එක එක භාෂාවේ ලිපිවලට ඒ භාෂාවෙන් වෙනම අත්සන් නැහ අත්සන් තියෙන්නේ එකයි. පාස්පෝට් දෙක තුන තිබුණ සමහර අයට අත්සන් දෙක තුන ඇති හැබයි ඒක වැරදියි.
ජනාධිපතිතුමනි, ඔබගේ ගැසට්ටුව අධිකරණයෙන් තහනම් කර නොමැත. තාවකාලික අත්හිටුවීමක් කරලා තියෙන්නේ... වැඩි දුර විභාගය සඳහා. ඒ අනුව මේ ගැසට්ටුව තවමත් පවතින්නේ ක්‍රියාකාරී තත්වයේ. මෙය වලංගුද අවලංගුද යන්න ප්‍රකාශයට පත්කරන්නේ දෙසැම්බර් මාසයේ... එතෙක් මෙම ගැසට්ටුව වලංගු බව මම හිතන්නේ... එබැවින් පාර්ලිමන්ට් විසුරුවීම තවමත් වලංගුවේ. මේ නිසා කැබිනට් එක අනිකුත් සියලුම දේශපාලකයන් සාමාන්‍ය මිනිසුන් බවට පත්වී ඇත. {තීන්දුව ප්‍රකාශයට පත් කරනතුරු} මේ නිසා මෙම පුද්ගලයින්ට පාර්ලිමන්ට් එක තුළින් දෝෂාභියෝගය ඉදිරිපත් කිරීම නීති මගින් අවසරයක් නැත. මෙය සියලුම පක්ෂවල නියෝජිතයින්ට වලංගුය. හේතුව මොවුන් මනත්‍රීවරු නොවන බැවිණි.
අනේ අපොයි අපි ඡන්දේ දීලා යවලා තියෙන්නේ මේ වගේ අයට ද ? හරියට පිළිවෙලකට නාමලේඛනයක්වත් හදාගන්න දන්නේ නෑ නේ.
නිසර, හැමදේම වැරදියට ජාතිවාදෙ ලෙස බලන්න එපා. ඕකෙ නමුත් , ආසනුත් වැඩි හරියක් තියෙන්නේ ඉංග්‍රීසියෙන්..
ඡන්දයක් අාවහම අපි ඔයගොල්ලෝ ගැන බලාගන්නම්...
නිසර, ඔයාට වැඩි හරියක් ඉංග්‍රීසි වලින් තියන්න.. නමුයි, ආසනුයි පැන්නද?
ලෝක ඉතිහාසයේ බිහිවූ මේ විධායකයා විග්‍රහ කරන්න සිංහල හෝඩියේ අකුරු 62 සහ ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26 යන දෙකම එකතු කළත් මදි නිසා මම නිහඬ වෙමි...
අපේ රටේ අයටත් උතුරු දෙමලුන්ටයි, නැගෙනහිර තම්බින්ටයි දෙනකම් නිවනක් නෑ. දැන් ආයෙත් රනිල් ඇවිත් මේ අත්සන් කරපු අයගේ පොරොන්දු ඉටු කරනකොට මේ රටේ ජනතාවට ඇටිකෙහෙල් කාපු රිලව් ටික වගේ ඉන්න වෙන්නේ... අනේ මේ හැත්ත මේ රටත් අපිත් ඔක්කොම කනවා. මේ අය මේ අත්සන් කරලා තියෙන්නෙත් රටට ආදරේට නෙමෙයි, මේ අයගේ බඩවියත වඩාගන්න... අපේ රටේ නීතිය කිය කියත් නටන්නේ නාඩගම්... රනිල්ටවත් අන් කාටවත් අපේ මහජන බහුතරය උරගා බැලුවා නම් පෙනෙයි ජනතා බහුතරය. ඒකයි වටින්නේ නැතුව මේ සල්ලිවලට විකිනෙන කාලකන්නින්ගේ බහුතරයෙන් වැඩක් නෑ.
නියමයි...
අංගොඩ ඉන්න ඕනෑඅයට විධායක බලය දුන්නම ඕක නෝමල්...
ඒක නෙමේ අනේ.. කෝ අර මෙතන පිනුම් ගහපු නීති විශාරද ගොඩ පෙරකදෝරු අයියලා රැල කිසිම සද්දයක් නැහැනේ... නොනවතින ශාරීරික අවශ්‍යතාවයකට කැළයට වත් රිංගලද?
මේ වැඩෙන් මට හැඟෙන්නේ හිටපු විධායක ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු මුළු රාජපක්ෂ පරම්පරාවගෙන්ම පළිගත්ත කියාය.. හිතාමතා රාජපක්ෂවරුන් දේශපාලනයෙන් කුජීත කළා කියලා මට මේ ක්‍රියාවෙන් හිතෙනවා ...!!!
පාලකයිනි...! මුළු ලෝකයේම ඇස් අපි දිහා ඔරවාගෙන ඉන්න වෙලාවේ කරුණාකර කල්පනාකාරීව ක්‍රියා කළොත් තමයි හොඳ... අපි අද, හෙට මැරිලා ගියත් අපගේ මුනුබුරු, මිනිබිරියන්ට ප්‍රෞඩත්වයෙන් යුතුව ජීවත් විය හැකි රටක් ඉතිරි කර ගියොත් තමයි වඩාත් සුදුසු වන්නේ...
ජනතාවගේ විමුක්තිය, දේශප්‍රේමය, විකුණා ලබා ගත් ඩොලර් වලින් මිලට අත්සන් 122 යි.
ජනාධිපති පුතාලට අගෞරව නොකර ගෙදර යනඑක තමයි හොඳ... පුටුව ගෙනාපු ජයවර්ධන මහත්තයටත් හොඳයිනේ ඔය වැඩේ..
මහින්ද කියන්නේ රජෙක්, මන්ත්‍රී, ඇමති, අගමැති දෙවරක් ජනපති, එළඟට මැදමුලන ජනේලේ, ආයෙම මන්ත්‍රී, අගමැති? දැන් නැවතත් මන්ත්‍රී.. බලුවෙන්නේ නැතිව අනෙක් ජනාධිපතිලා වගේ ගෙදර ගියානම් මේ කිසිවක් නැහැ. එල්ලිලා හිටියේ නැත්නම් කොහොමද බේබිලට හෙටක් හදන්නේ...
මෙය ලේඛනයක් පමණී පාර්ලිමේන්තු ඡන්දයක් නොවේ. ඡන්දයක් අත තිබ්බේ නෑ.
මේ වැඩෙන් මට හැගෙන්නේ හිටපු විධායක ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු මුළු රාජපක්ෂ පරම්පරාවගෙන්ම පළිගත්තා කියාය.. හිතාමතා රාජපක්ෂවරුන් දේශපාලනයෙන් කුජිත කළා කියලා මට මේ ක්‍රියාවෙන් හිතෙනවා...!!!
122 බැරි නම් 150ක් හරි කමක් නැහැ... හදාගන්න අාණ්ඩුවක් හදාගන්න දෙන්න. 07 වෙනිදාට පස්සේ එදාට තීන්දුව ජනාධිපති හරි වුනොත් එහෙම තව ලොකු ප්‍රශ්න වැලක්. දැනට ඔහොම යං 7 වෙනිදාට පස්සෙ බලය ලබාගැනීම තමයි වටින්නේ. කොහොමටත් අැමරිකාවේ ඉන්නවනේ... බයවෙන්න දෙයක් නැහැ. සිංහලයින්ට හෙන ගහනකම් තමා උන් බලාගෙන ඉන්නේ. ජනතාවගේ බලය ගන්න එන්නෙ නැතැයි... කවදා හරි එදාට බලමු .
ජනාධිපතිතුමනි, ඔබතුමා ගෙදර යන්නේ කවදාද? විලිලැජ්ජා නැතිකම ජනාධිපතිකමටත් වඩා ලොකුයි නම්බුපිටින් පල්ලම් බහින්න.
අහෝ දුකකි. බස් හෝල්ට් එකකි....
අද (14) වෙච්ච දේවල් වලින් කරුණු කිහිපයක් පැහැදිලි වෙනවා. 1.ජනාධිපති සිරිසේන නීතිවිරෝධී, ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු නොකරන කෙනෙක් බව. එබැවින් වහාම ඔහු එම ධුරයෙන් පහ කළ යුතු බව. එය සිදු නොවන බැවින් ලැජ්ජාවක් ඇත්නම් ඉල්ලා අස්විය යුතු බව. 2. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා බලයට කෑදර බව නිසා සවුත්තු වීම. මෙසේ සඳහන් කරන්නේ සිරිසේන දුන්නු අගමැති ධුරයේ නීත්‍යානුකූල බව සොයා බලන්නේ නැතුව බාර ගත්ත එක... ඔහුට හදිස්සි නොවී හරි වෙලාව එනකන් ඉන්න තිබ්බා. එ් වුණාට බලයට තියෙන කෑදරකමට ඒක ගත්තා. 3. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට ජනතා සහයෝගය මුළුමනින්ම තිබෙන බව. 4.රනිල්ට පාර්ලිමේන්තුව ඇතුලත බලය තිබුණද ජනතා බලය නොමැති බව. 5.JVP තමන්ට තිබුණු ඡන්ද ටිකත් නැති කර ගත් බව. 6.රටට විදේශ මැදිහත්වීම් දරුණු ලෙස තිබෙන බව. අද පාර්ලිමේන්තුවට පැමිණි විදේශ තානාපති නියෝජිතයින්ගේ පැමිණීමෙන් මේ බව මොනවට පැහැදිලි වේ.
රටේ මන්ත්‍රීන්ගේ නරක හැසිරීමෙන් රටට විශාල අපකීර්තියක් ලැබුණු බව. විශේෂයෙන්ම රාජපක්ෂවාදී මන්ත්‍රීන්ගේ හැසිරීම අන්තිම පහත් තත්වයක පැවතීම හා එම හැසිරීම තානාපති නියෝජිතයින්ද දැකීම. මේ අනුව මහින්ද රාජපක්ෂ මහතා වටේ සිටින්නේ රසිතියාදු කාරයින් පිරිසක් බව මොනවට පැහැදිලි වීම. 8.UNP එක රනිල් ඇතුළුව සංවර ලෙස හැසිරීමට වග බලා ගැනීම. මෙයට හේතුව ඔවුන් තානාපති නියෝජිතයන්ගේ පැමිණීම කල් තිය දැන සිටි බැවිනි. 9.සියලුම මන්ත්‍රීවරු පාර්ලිමේන්තු පිටත ලොබි එකේදී මිත්‍රශීලිව හැසිරීම. එනමුත් ඔවුන්ගේ අධාරකරුවන් නිල්, කොළ, රතු ලෙස බෙදී හරකුන් ලෙස පාර්ලිමේන්තුව පිටතදී හැසිරීම. 10.රතිඥ්ඥා හා කිරිබත් වලට ගිය වියදම අපතේ යාම. 11.රටේ මිනිස්සු හරකුන් සේ නැවතත් මේ අපරාධකාරයින්ටම නැවත නැවතත් බලය ලබා දෙන එක නිසැක බව. 12.2020 වෙද්දී රටක් නැති බව. 13.ලංකාවේ මිනිස්සු සහ ඔවුන්ගේ අනාගත පරම්පරාවලට අබසරණයි බව. මම මේ කියන කරුණු වලට ඩිස්ලයික් වැටෙයි. හැබැයි මගහරින්න බැරි සත්‍යය එයයි.
මේක මුලින් මම දැක්කේ නොවැම්බර් 02 දා අත්සන් කරපු නියම මුල් පිටපත. එත් මෙතන තියෙන්නේ දිනය වෙනස් කල පිටපතක්.කවුරු අගමැති උනත් අපේ රටට යහපතක් වෙනවනම් ඒ ඇති. පුලුවන්නම් අයෙමත් සාධාරණ ඡන්දයකින් පත්වෙන්න කියන්න,
බල තණ්හා, බඩ වඩා ගන්නෝ, රට ජාතිය වනසන්නෝ, ආත්මාර්ථ කම්යෝ. කපටියෝ, බොරු කාරයෝ, අනුන්ගේ ඡන්දයෙන් ඉදිමෙන්නෝ, මහජනතාවට කරදර කාරයෝ .
සිදුහත් කුමරා උපතේදි කිව්ව " අයමන්තිමා ජාතී නත්ථිදානී පුනබ්භවෝ" කියල.. ඒ වගේ මෙයා 2015 දී කිව්ව " මේ මාගෙ පලවෙනි සහ අන්තිම ජනාධිපති කමයි, මම නැවත මේ පදවියට ඉල්ලනෙ නෑ " කියල. අවුරුදු තුනයි ඉඳගෙන හිටියෙ කොහොමද රසේ ?.. තවත් 'මුගාබේ' කෙනෙක් වුනා එහෙනම්..
ගිය සැරේ ඔබ කියපු `රනිල් සහ ඔබ අතර සංස්කෘතික වෙනසක් `තියෙනවා කියන එකනම් ඇත්ත. ඒක තමයි ඔබට නැති `උගත්කම` සහ `රාජ්‍යතාන්ත්‍රිකභාවය`.
අලුත් ව්‍යවස්තාවක් හදනකොට ගොඩක් සත්තුන්ගෙ නම් දාන්න වෙනව, මොකද, සමහරු සමණලයින්ට කැමති නෑ, අලින්ට කැමති නෑ, මාපිලුන්ට කැමති නෑ.. එහෙම වුනාම ව්‍යවස්ථා ප්‍රශ්න එනවා.
කෝ , දැන් අර ඝාතන ප්‍රයත්නය නැතිවෙලාම ගියානෙ.
අනේ මන්ද මේ රටේ මිනිස්සුන්ගෙ අදහස්. රටට හෙන ගැහුවත් කමක් නෑ වගේ කථා කරන්නේ. මං මහින්ද හො රනිල් වාදියෙක් නෙමෙයි. ඒත් අපි හැමෝම දැක්ක මේ ආණ්ඩුව ගිය විදිය අනුව රටේ අනාගතයක් නෑ කියල. ඉතිං ඒක වෙනස් කරන්න හදද්දී ඇයි මේ විකාර (මං අදහස් කලේ ජන්දය ගැන මිසක් අගමැති පත් කිරීම නෙමෙයි). ඔක්කොම වෙනකම් බලා ඉදල හූල්ලන්න වෙන එකද ඒක වෙන එක වලක්වන එකද හොද කියල තේරුම් ගන්න බැරි ඇයි.