IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


මන්ත්‍රීලා‍ පවුල‍්වලටත් ඉන්ෂුවරන්ස් ඉල්ලති

(සුජිත් හේවාජුලිගේ)

මන්ත්‍රීවරුන් රැසක් තමන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද රක්ෂණ රැකවරණය දෙන්නැයි පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

රක්ෂණ රැකවරණ මෙතෙක් ලැබෙනුයේ මන්ත්‍රීවරුන්ට පමණක් වන අතර පාර්ලිමේන්තුවේ සෑම මන්ත්‍රීවරයකුටම වාර්ෂිකව හිමි වන රක්ෂණ ආවරණයේ වටිනාකම රුපියල් ලක්ෂ දහයකි. යම් කිසි මුදලක් තමන්ගේ වැටුප්වලින් හෝ කපාගෙන පවුලේ සාමාජිකයන්ට ද රක්ෂණ ආවරණය දෙන්නැයි ඔවුන් මෙසේ ඉල්ලා ඇත.

පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ රැස්වීමක් ඉදිරි සතිවලදී පැවැත්වීමට නියමිතව ඇති අතර එහිදී ද මේ පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මන්ත්‍රීවරු කීපදෙනෙක් පැවැසූහ. පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ රැස්වීමක් මාස ගණනාවකින් පවත්වා නැතැයි ද වාර්තාවේ.

 



අදහස් (12)

මන්ත්‍රීලා‍ පවුල‍්වලටත් ඉන්ෂුවරන්ස් ඉල්ලති

Bamunuarachchi Wednesday, 10 April 2024 11:31 PM

ඈ බොල ඔබලාගේ පවුල් රකින්න ජනතාවගේ මුදල් වලින්? ඔබලාගේ පවුල් රකින්න නොවෙයි, ජේවීපී රජයක් ආවොත් පෙන්ෂන් එකටත් කෙලවෙලයි නවතින්නේ...!

:       0       0

පිටිගල මිලානෝ Thursday, 11 April 2024 03:35 AM

හිරේ නොදාන්න කියලාද රක්ෂණයක් ඉල්ලන්නේ…? පව්කාර හැත්ත…..

:       0       0

පැරකුම් Thursday, 11 April 2024 04:53 AM

අනේ කොච්චර එකක්ද. ජනතා සේවය වෙනුවෙන් කැපවී සිටින අපගේ දූෂිත දේශපාලුවන්ට කොච්චර දුන්නත් මට නම් හිතට මදි.

:       0       0

අසාධාරණ Thursday, 11 April 2024 08:28 AM

මේක පුදුම වැඩක්නේ... ඔබේ පවුල්වල අයට අපි ඡන්දය දුන්නේ නැහැ... කෙනෙක් මන්ත්‍රී වුණා කියලා පවුලේ අය නඩත්තු කරන්න ජනතාවට අමාරුවක් නැහැ. ජනතා මුදල් එහෙම නාස්ති කරන්න දෙන්නත් බැහැ. රක්ෂණය අවශ්‍ය නම් සාමාන්‍යයෙන් ජනතාව කරන ආකාරයට කර ගනිල්ලා... බැරි නම් ඔය පට්ටම විසිකරලා ගෙදර යන්න. ඔය ඉල්ලීම කරපු අය සොයා ඊළඟ වතාවේ ගෙදර යැවීමට සූදානම් වෙමු...

:       0       0

ravin Thursday, 11 April 2024 09:18 AM

තව ටික දවසක් ගියාම නීත්‍යානුකූල හා අනියම් සම්බන්ධතා වල අයගෙත් නඩත්තුව අපිටම දරන්න වෙයි වගේ...

:       0       0

Nimal Thursday, 11 April 2024 09:37 AM

මේ ගොල්ලන්ට එය ඉතාමත් අත්‍යාවශ්‍ය මොහොතක්.

:       0       0

පිටරටවැසියා Thursday, 11 April 2024 11:04 AM

කිසිම මුදලක් මන්ත්‍රී වැටුප්වලින් කපානොගෙන, ජනතාවගෙ බදු වලින් මන්ත්‍රී පවුල් පිටින් රක්ෂණ ආවරණය කරමු. තව ඔවුන්ගේ ගෝල බාල හෙන්චයියන්වත් රක්ෂණය කරමු. තව, රක්ෂණ ආවරණයේ වටිනාකම රුපියල් ලක්ෂ දහයේ සිට ලක්ෂ දහසක් දක්වා වැඩි කරමු මේ රටට-ජනතාවට කරන අදුරදර්ශී-කාලකන්ණි සේවය වෙනුවෙන්..

:       0       0

චන්දන Thursday, 11 April 2024 12:06 PM

ඔව් උන්ගෙ පව් ගෙවන්න වෙන්නෙ අනිත් එවුන් ට නෙ.

:       0       0

de silva Thursday, 11 April 2024 01:18 PM

ලංකාවේ සියලුම පුරවැසියන්ට හෙල්ත් ඉන්සුවරන්ස් එකක රජයෙන් දීල තිබෙනවා , රජයේ රෝහල් වල නොමිලේ ප්‍රතිකාර කරනවා , මන්ත්‍රීලා සහ උන්ගේ පවුල්වල මිනිස්සු කියන්නේ විශේෂ සත්ව කොට්ඨාසයක් ද ? මන්ත්‍රීලාට දෙන ඉන්සුවරන්චේ එකත් ඉවත්කර මොවුන්ට රජයේ රෝහල් වල ප්‍රතිකාර ගන්න තත්වයට ගෙන එන්න ඕනේ , එහෙම කරහම රජයේ රෝහල් වල අඩුපාඩු බලල ඒවා සම්පුර්ණ කරන්නත් පුළුවන්

:       0       0

Bamunuarachchi Thursday, 11 April 2024 09:57 PM

වැටුපෙන් හෝ කපාගෙනලු. 1. වැටුපෙන් ගෙවන්න ලැහැස්ති නම් උඹලා පෞද්ගලිකව කැමති ආයතනයකින් රක්ෂණ ගනිල්ලා කෝ. මොන බම්බුවකටද රජයෙන් ඉල්ලන්නේ? මොවුන් බලාපොරොත්තු වෙන්නේ ගෙවීම් කොටසක් ජනතාවට පටවන්න. කාලකන්නි 2.. රක්ෂණය ගන්නේ පවුල් උන්ට නම් අපේ වැටුප් වලින් කපලාද ගෙවන්න කියන්නේ. අනිවාර්යෙන්ම ගෙවිය යුතු මුදල් ඔවුන්ගේ වැටුපෙන්ම කපාගත යුතුයි. 3. මන්ත්‍රී කම නැති උනාම ගෙවීම සිද්ද වෙන්නේ කෙසේද? රක්ෂණය අහෝසි වෙනවාද?

:       0       0

Bamunuarachchi Thursday, 11 April 2024 09:59 PM

දැන් බලමු ජේවීපී කාරයෝ මොනාද කියන්නේ කියලා.

:       0       0

ඒ.ආර්.වීරසෙන. Saturday, 13 April 2024 05:32 AM

ඉල්ලන ඕනෑම දෙයක් මේ වෙලාවේ මිස්ටර් ටෙම්පරි ගෙන් ලබාගත හැක. මේ රටේ බොහෝ පාසල් වලට බීමට ජලය නැත.වැසිකිලි පහසුකම් නැත.නමුත් ගාසා මුස්ලිම් වසියන්ට මිලියනයක් තෑගි කර ඇත.යුශ්දය අවසන් වූ විට පාසලක් ද හදා දෙන් බව කියැවේ. විස්තර ඔබම සොයා ගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලාෆ් ගෑස් මිලත් අඩුවෙයි
2024 මැයි මස 03 148 1

ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස්


සැමියාගේ පිහි පහරින් බරපතල තුවාල ලැබූ බිරියත් මරුට
2024 මැයි මස 03 256 0

මොනරාගල නක්කල පාලම හංදිය අසල නක්කල බදුල්ල පාර 15 ඉඩමේදී සිදුවු පවුල් ආරවුලක්මත සැමියා සිදුකළ පිහි ඇනුමෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි බිරිය


එළවළු මිල ගැන සතුටු හිතෙන වාර්තාවක්
2024 මැයි මස 03 376 0

මෙම වසර අවසන්වන තෙක් එළවළු මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහල යාමේ අවදානමක් නැතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පවසයි.


කැලිප්සෝ දුම්රියට ලොකු ඉල්ලුමක්
2024 මැයි මස 03 827 0

දුම්රිය බදුල්ල දක්වා ධාවනය ආරම්භකර වසර සියයක් සපිරීම නිමිත්තෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ආරම්භකළ කැලිප්සෝ සංචාරක දුම්රියේ කැලිප්සෝ සංගීතය සහ


ලිට්‍රෝ ගෑස් මිල පහළට
2024 මැයි මස 03 729 1

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 175 කින් අඩු කිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (3) පෙරවරුවේ නි


සාපෙළ අපේක්ෂකයන්ට හැදුනුම්පත් කාර්යාල හෙට විවෘතයි
2024 මැයි මස 03 135 0

අපොස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය,ගාල්ල, කුරුණෑගල වවුනියාව මඩකලපුව හා නු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 461 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1887 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1679 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site