(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන් පනස් හය දෙනකුට කෝටි 13කට වැඩි මුදලක් වෛද්‍යාධාර වශයෙන් ලබා දී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

මෙම මුදල් ලබාගෙන ඇතැයි පැවසෙන්නේ 2005 - 2024 කාල සීමාවේදීය.

මෙම මූල්‍ය ආධාර පිරිනැමීමේදී විධිමත් අයදුම්පතක්, මාසික ආදායම් සීමාව, ප්‍රාදේශීය ලේකම් වාර්තාව මූල්‍යවත්කම්, වෛද්‍යාධාර මුදල් සීමා යනාදී කරුණු  සැලකිල්ලට ගෙන නොතිබූ බවද එහි දැක්වේ.