IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


මන්ත්‍රින්ට ඡන්දෙට එන්න හමුදාවෙන් තෙල්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රීවරුන්ට  තමන් පදිංචි ප්‍රදේශයන්හි  යුද හමුදා කඳවුරුවලින් ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයා  ඇතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ග  වලින් පැවසේ.

ඉන්ධන ලබා ගැනීමට ක්‍රමවේදයක් නොමැති බවට මන්ත්‍රීවරුන් රැසක් කතානායක වරයාට කළ පැමිණිලි අනුව ඉන්ධන ලබා ගැනීම සඳහා  මේ ආකාරයට පහසුකම් සලසා දී ඇත.

මේ අතර අභිනව  ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නා ඡන්ද විමසීමේ අවස්ථාවට සහභාගීවීම සඳහා පාර්ලිමේන්තුවට  පැමිණෙන සියලුම මන්ත්‍රීවරුන්ට විශේෂ පොලිස් ආරක්ෂාව ලබාදීමට  වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයාට උපදෙස්දී ඇත.

ඡන්ද විමසීමට පැමිණෙන මන්ත්‍රීවරුන්ට  විවිධ කැරලිකාර කණ්ඩායම්  සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ තර්ජන ගර්ජන  කරමින්  සිටින හෙයින්  සියලු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වැඩි කිරීමට මෙසේ පියවර ගත් බව රජය පවසයි.

අභිනව ජනාධිපතිවරයා තෝරාගැනීමේ  ඡන්ද විමසීම හේතුවෙන් පාර්ලිමේන්තුව සහ ඒ අවට ප්‍රදේශ වල ආරක්ෂක විධිවිධාන දෙගුණයකින් පමණ වැඩි කර ඇති අතර පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදා නිලධාරීහු  කණ්ඩායම්ද යොදවනු ලැබ සිටිති.

පාර්ලිමේන්තුවට පිවිසෙන ප්‍රධාන මාර්ග ආරක්ෂක හේතු මත   සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර එම මාර්ගවලට ඇතුළුවිය හැක්කේ ඒවායෙහි පදිංචි කරුවන්ට පමණි.

පාර්ලිමේන්තුව අවට මාර්ගවල යුදහමුදාවේ විශේෂ රථ රඳවා තිබෙනු ඊයේ  දැකගත හැකිවිය.

පාර්ලිමේන්තුවට අමුත්තන් පැමිණීමද ආරක්ෂක පියවරක් ලෙස නතර  කර ඇති අතර පාර්ලිමේන්තුවේ  මහජන ගැලරිද වසා දමා ඇත.

පාර්ලිමේන්තුවට පැමිණෙන මාධ්‍යවේදීන් සඳහාද අලුත් උපදෙස් මාලාවක් වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු  මහතා විසින්  ඊයේ  නිකුත් කරනු  ලැබීය.



අදහස් (1)

මන්ත්‍රින්ට ඡන්දෙට එන්න හමුදාවෙන් තෙල්

sharm warn Monday, 18 July 2022 04:54 PM

අපෝ ඔවුන්ගේ වාහන තෙල් බොන ඒවා. හමුදාවේ අයට පයින් යන්න තමයි වෙන්නේ. අඩුගානේ වාහනෙන් වත් රටට හොඳක් කරපු අය නෙවෙයි. ඒකෙනුත් ආර්ථිකයට හානියක් තමයි කළේ... මහ ලොකු සුදු රෙදි හොරු..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 547 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 117 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 323 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site