(සුජිත් හේවාජුලිගේ )
ආණ්ඩුවත් සමග ජන බලවේගයත් මන්ත්‍රීවරුන් තම පිල්වලට එකතු කරගැනීමේ සටන වේගවත් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.
මෙම සටන වේගවත් කර ඇත්තේ මැතිවරණ කිහිපයක් ළඟ ළඟ එන නිසා යැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩි වශයෙන් නම්මවා ගැනීමෙන් ජනමතයට ලොකු ජීවයක් ඇති කරගත හැකි බව එම පක්ෂ නායකයන් බහුතරයකගේ අදහසවී ඇත. මන්ත්‍රීවරුන් දිනා ගැනීමේ සටන වේගවත් කර ඇත්තේ ඒ අනුවය.
විපක්ෂය ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දහයක් ගත්තොත් අපි විපක්ෂයෙන් පහළොවක් ගන්නවා යැයි රජයේ අමාත්‍යවරයෙක් අප සමග කීවේය.
ආණ්ඩුවේ අමාත්‍යවරුන්ගේ නිවෙස් වලත් සමගි ජන බලවේගයේ නායකයන්ගේ නිවෙස් වලත් මන්ත්‍රීවරුන් දිනා ගැනීමේ සාකච්ඡා පසුගිය දින කිහිපයේදී වරින් වර පවත්වා ඇතැයි වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් අප විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ විපක්ෂයට එක් කර ගැනීම සඳහා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ සාකච්ඡා දැනටමත් අරඹා ඇති බවයි.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
187
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්ත්‍රීන් බිලිබාන්න දෙපැත්තෙන්ම මහ සටනක්
පුරවැසියා Sunday, 03 March 2024 09:54 AM
මී හරක් මිල දැන් පහත බැහැලා නීතියෙන්නේ...!
Nimal Sunday, 03 March 2024 10:03 AM
තව බාර් ලයිසන් සිය ගණනක් ළඟදීම ලබාදීමට නියමිතයි.
Kumara Sunday, 03 March 2024 10:16 AM
අන්තිමේ මාලිමාව දිනන බව තේරුණාම මේ ඔක්කෝම හොරු එක පිලකට එනවා...
Sanath Sunday, 03 March 2024 10:18 AM
කවුරු කොයි පැත්තට පැන්නත් දිනන්නේ ජාතික ජන බලවේගය...
Nissanaka Sunday, 03 March 2024 10:20 AM
කුණු ගොඩවල් වලට කොහොමත් එකතු වෙන්නේ කුණු. මාලිමාවට ඔය කිසිම කුණු ගොඩක් බාර ගන්නේ නෑ...
Dharmatileke Sunday, 03 March 2024 10:38 AM
දූෂිත 134 න් කවුරුවත් සජබය ගත්තොත් මගේ ඡන්දය එන්පීපී යට...
Lalla Sunday, 03 March 2024 10:43 AM
වැඩක් නෑ. බහුතරය ඊළඟට එන ඡන්දෙන් ගෙදර යවන්න මහජනතාව දන්නවා... අලුත්ම මුහුණු බහුතරයක් ඊළඟට එන පාර්ලිමේන්තුවට එනවා නියතයි. ඔය කෑගහන හොරකම කරන කට්ටිය නිසැකවම ගෙදරට...
ranjith Sunday, 03 March 2024 07:13 PM
අවස්ථාවාදීන් එහාට මෙහාට පැන්නට ජනතාව එයාලා අනුගමනය කරන්න තරම් මන්ද බුද්ධික නැහැ.
මංජුල ජයසේකර Tuesday, 05 March 2024 08:58 PM
එජාපය දැන් ඉන්න අයගෙන් කවුරුත් ගන්න එපා. සමාජයේ යහපත් පිළිගැනීමක් ඇති අය පමණක් ලංකර ගන්න. පක්‍ෂයේ ගරුත්වය රැකගැනීම ඔබලා සතුයි. අනික ඔය ඉන්න තරමක් ඉන්නේ කිසිම වැදගත් කමක් නැති අයනේ... යන අයත් යවන්න.. රකින්න එපා...