
(රෝෂන් තුෂාර)
පුද්ගලික රූපවාහිනී නාලිකාවක දේශපාලන සංවාද වැඩසටහනකදී සිදුකළ ප්‍රකාශයකින් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට අපහාසයක් හෝ අගතියක් වූයේ නම් ඊට කොන්දේසි විරහිතව සමාව අයදින බව පොදු ජන එක්සත් පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෝකිලා ගුණවර්ධන මහත්මිය කොළඹ දිසා අධිකරණය හමුවේ අද (06) සඳහන් කළාය.
පුද්ගලික රූපවාහිනී නාලිකා සාකච්ඡාවේදී සිදු කළ ප්‍රකාශයෙන් සිදුවූ අගතියට රුපියල් බිලියන දෙකක වන්දියක් ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් කෝකිලා ගුණවර්ධන මහත්මියට එරෙහිව පැවරූ වන්දි නඩුව කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙසේ සමාව අයදීමේ ප්‍රකාශය අධිකරණයට ඉදිරිපත් කරමින් නඩුව සමථයකට පත් කළාය.
2021 සැප්තැම්බර් මස 07 දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ දේශපාලන සංවාද වැඩසටහනකදී සිදු කළ ප්‍රකාශයකට එරෙහිව 2023 වසරේදී මෙම නඩුව පවරා තිබිණි.
විත්තිකාර මන්ත්‍රීවරිය සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට ප්‍රකාශ කර සිටියේ රූපවාහිනි සාකච්ඡාවේදී සිදුකළ ප්‍රකාශය වැරදි සහගත බව තේරුම් ගන්නා බවත් ඒ සම්බන්ධයෙන් පැමිණිලිකාර රවී කරුණානායක මහතාගෙන් කොන්දේසි විරහිතව සමාව අයැද සිටින බවය.
සමාව අයදීමට අමතරව රුපියල් දස දහසක මුදලක් ලංකා පිළිකා අරමුදලට පරිත්‍යාග කරන බවත් සඳහන් කළාය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක දිසා විනිසුරුවරයා දෙපාර්ශවය ඇතිකරගත් සමථය ප්‍රකාරව කටයුතු කරන ලෙස නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
10 000 නම් මොනාද, ඊට වැඩිය කොච්චර නම් හම්බ කරගන්න පුළුවන්ද?
බැංකු හොරා කියපු එකක් හරි ඒකට සම්බන්ධයෙන් අර නිවාසය ලැබුන හැටි වගේ දෙයක් වෙන්න ඇති, දැන් බැංකු හොරකම් කරපු අයත් හොයෙන්න ආපුු අයත් එකට ඉන්න එකේ මොන අපහාස නඩුද? දැන් අපි එක ගෙදර අයනේ.අනේ මෙයාලට රැවටෙන ජනතාව, මේ පාරවත් මොළේ මෙහෙයවල තීරණයක් ගන්න,
ඊළඟ නිවුස් එක පොහොට්ටුව හිටපු මහබැංකු ලොක්කා අර්ජුන්ගෙන් සමාව ඉල්ලයි.. දැන් සැපද..?
තවත් මෙයාලාට ඡන්දේ දීපල්ලා ගම්පහ සෙට් එක
අපෝ මෙතුමාට අපහාස කරන්නේ කොහොමද ජනාධිපතිගේ ගෝලයෙක් නේ
මෙවැනි නඩු ඉවත් කරගන්න තම ඔය සියලු දෙනාම පැන්නේ සහයෝගය දෙන්න කියල
ඇඟේ තරමට මොලේ නෑ. ඒකේ තරමට කටට බ්රේක් නෑ.