
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ඉඩම් ගැටළුක් සොයා බැලිමට ගිය පුත්තලම ප්‍රාදේශීය ලේකම් සම්පත් විරසේකර මහතාගේ රාජකාරියට බාධා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් තර්ජනය කිරීමේ සිද්ධියට විරෝධය පාමින් ප්‍රාදේශීය ලේකම්කාර්යාල සේවකයන් අද දහවල් කෑම පැයේ නිහඩ විරෝධයක නිරත වූහ.
පුත්තලම පැරණි මන්නාරම මාර්ගයෙ රජයට අයත් ඉඩමකට පිරිසක් ඇතුල්වී නීති විරෝධී ලෙස වැටවල් සකසමින් යම් ඉදි කිරීම් සිදුකරන බවට ලැබුන පැමිනිල්ලකට අනුව පරිපාලන ග්‍රාම නිළධාරී වරයා හා වසම භාර ග්‍රාම නිළධාරීන සමග අදාල සිද්දිය සොයා බැලිමට ගොස් සිටියදී එම ස්ථානයට කඩා වැදුන පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රී රහිම් මහතා තර්ජනය කරමින් රාජකාරීයට බාධා කිරීමක් සිදුව තිබුනි.
එම සිද්දියට විරෝධය පාමින් දේශපාලඥයන් නිළධාරීන්ට ඇගිලි ගැසිම් නවතා දමන ලෙසට බල කරමින් මෙසේ පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ සියලුම නිළධාරීන් දහවල් කෑම පැයෙදී මෙසේ විරෝධතාවයක නිරත වන්නට වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නීතිය මොවුන්ට වලංගු නැද්ද? ඇයි එයා ඇමැති නිසාද?
රත්තරන් හොරුන් නේද? අසූචි ගහලා පන්නන්න කවුරුත් හිටියේ නැද්ද?
මේ අලි සබ්රි රහීම්ගේ මැරවරයා තවත් මාස හතරකට පමණයි. එතකම් ඉවසාගෙන ඉන්න. මාලිමාව ආණ්ඩුව බලයට පත් කරන්න ඕනේ, මේ සේරම නීතිය ඉදිරියට ගේන්න නම්...!
රනිල් රාජපක්ෂ පවුලේ හුරතල්ලු, බලයෙන් හිස උදම්වා ගත්ත හිවල්ලු. තව ටික දවසක් රගපන් ඊට පස්සේ උබලට වෙන දේ රටටම බලාගන්න පුලුවන්.
රත්තරන් හොරෙන් ගෙනැල්ලා අහුවුනේ...?
මුට තවම ලැජ්ජාවක් කියලා එකක් නැහැ .හරිනම් මූ පාර්ලිමේන්තුවෙන් නෙරපන්න ඕනේ
ඔබලා බය නැතුව විරෝධය පාන්න ඕකා ඉන්නේ තව මාස කීපයයි ඕකුන්ට ඉඩම් අයිති කර ගන්න දෙන්න එපා.