
(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදීමේ තීරණය සාකච්ඡා පසුවට කල් තැබීමට තීරණය කර ඇතැයි දැනගන්නට ඇත .
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ කාරණය පසුගිය 9 වැනිදා පැවති සාකච්ඡා කර ඇතත් විවිධ ප්‍රතිවිරෝධතා හේතුවෙන් පැහැදිලි තීරණයක් ගැනීමට හැකිවී නැතැයි එම වාර්තා කියයි.
ජනතාව ආර්ථික අතින් අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින මොහොතක වාහන බලපත්‍ර ලබාදීම සුදුසු නොවන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සහ මහාචාර්ය ජී එල් පීරිස් යන මහත්වරුන් එම කාරක සභාවේදී දැඩිව පෙන්වාදී ඇත. මේ මොහොතේදී වාහන බලපත්‍රය ලබාදීමට සමගි ජන බලවේගය විරුද්ධ බවද කිරිඇල්ල මහතා එහිදී සඳහන් කර තිබිණ.
නිලධාරීන් කිරිඇල්ල මහතාගේ එම විරෝධය එහිදී සටහන් කරගෙන ඇත.
තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉල්ලා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 116 දෙනෙක් පසුගියදා කතානායකවරයාට ලියවිල්ලක් බාර දුන්හ. එම ලියවිල්ල කතානායකවරයා පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කර තිබූ අතර එහිදී ඒ පිළිබඳව සාකච්ඡාවට ගැනුණද පැහැදිලි තීරණයක් ගැනීමට හැකිවී නොතිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජවිපෙ සද්ද නෑ. ඒක තමයි ඔවුන්ගේ දෙබිඩි පිළිවෙත..!
අනේ ඕක නොදුන්නොත් ඒ ගොල්ලන් කොහොමද ජනතා සේවය කරන්නේ? ඡන්දෙත් කිට්ටුයි... ඉක්මණට දීල දාන්න.
දැනට අවුරුදු දෙකකට පමණ ඉහතදී සිදුවූ ලක් ඉතිහාසයේ කලු පැල්ලමක් වූ සිදුවීම් හා පසුබිම් දෙසවත් ආපසු හරි බාල තීන්දු තීරණ ගැනීම වඩාත් සුදුසුවේ.
ඔය ඉන්න පිරිසට බලයේ ඉන්න තියෙන්නෙ තවත් මාස හතරක් පමණයි. ඉතින් එහෙම තියෙද්දි දීලා මැතිවරණය අවසන් වුණාම පත්වෙන අයට නැවත දෙන්න වෙනවා. එහෙම නාස්ති කරන්න ඉඩක් දෙන්න බැහැ. රටේ මේතරම් අහේනියක් ඇතිවුණේ ඔය හිටපු එවුන්ගේ දක්ෂතා නිසා තමයි. එහෙම ගසාගෙන කාල යනකොට සුනාමිය ආවා වගේ සෝදාපාලු වෙන්න අනුමැතිය නොදිය යුතුයි. යම් ලෙසකින් රට ගැන නොසිතා බල ලෝභිත්වය මත බලපත්‍ර දීමට එකඟ වුණොත් එම බලපත්‍රය විකිණීමට කෙසේවත් ඉඩක් නොදිය යුතුයි. සමහරක් එවුන් බලපත්‍ර විකුණා ඔවුන්ගේ පක්ෂය තර කරනවා කියලා අහලා තියෙනවා. එහෙම ජනතා මුදල් පක්ෂ හදන්න දෙන්න පුළුවන් කමකුත් නැහැ. ඒවා රාජසංතක කරන්න ඕනෑ...
ආණ්ඩුව සහ රාජපක්ෂවරුන් මුදල් දීලා වහල් බයියන් පිරිසක් සුදානම් කරලා තියන බව රාජපක්ෂවරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත. මෙයින් ඔවුන් කරන්නේ රජයට සහා රාජපක්ෂ කල්ලියට විරුද්ධ කමෙන්ට් සහා පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහ රාජපක්ෂ කල්ලියට සහයෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද, FACEBOOK, INSTRAGRAM, YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහා GROUP භාවිතා කරමින්ද රජයට සහා රාජපක්ෂ කල්ලියට සහයෝගය කරන මෙන් ප්‍රචාරය සිදු කරයි. මෙහිදී ඔවුන් විශේෂයෙන් ජාතිවාදය සහ රට සුළු ජාතින් නිසා විනාශ වන බව පෙන්වා දෙයි. පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු. මේ පිළිබඳව ඔබගේ පවුලේ උදවිය සහ මිතුරන් දැනුවත් කරන්න.
මේ බොරු වලට රැවටෙන්න එපා... පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කලින් දවසේ ඔය සේරටම බලපත්‍ර නිකුත් කරනවා ෂුවර්... මේ කතාව හොඳටම මතක තියාගෙන බලන්න බොරුද කියලා...
එහෙම කොහොමද? අපිට වාහන ලැබුණේ නැතිනම් අපි ඡන්දය වර්ජනය කරනවා.
නවත්තලා නැහැනේ? කල් දාලා....!
ගමේ ජවිපෙට ඡන්ද නැතෙයි කියන මෝඩයෝ, බලාපල්ලා ගමට ඇවිල්ලා. රටේ ලක්ෂ ගානක ගෙවල්වල ලයිට් කපලා කියල පොන්න ඇමතියාම කියනවා.රටේ පින්පි නායකයා ලොල්ල ගගහ කුලියාපිටියට ගිහින් කියනවා, එයා ලෝකෙවටේ ගිහින් හිඟා කාලලු සල්ලි හොයාගන්නේ. අපි ඉන්නේ නිධානයක් උඩ නිදාගෙන කියලා තේරුම් ගන්න බැරි වහල්ලු ඉන්න රටක් මේක.මේකේ මාලිමාවට මඩ ගහන්න ලියල තියෙන මහපක්ශවල ඉඳුල් කන වහල්ලු ජිවිතයේ අපා දුක් විඳින ගමන් මහපක්ශවල එවුන්ට රෙදි නැතුව කඩේ යනවා..කලකිරීමක් තියෙන්නේ මෝඩ හැතිකරේ ගැන..