(නිමල කොඩිතුවක්කු)

සමස්ථ ලංකා සමගි කුඩා තේ වතු හිමියන්ගේ සංගමයේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා  පත්කර තිබේ.

මෙයට අදාල පත්වීම සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පිරිනමනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුලු පිරිසක්  එක්ව සිටියහ.