IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මන්ත්‍රී බංගලාව නරකාදියක්: කතානායකට පැමිණිල්ලක්

(සුජිත් හේවාජුලිගේ)

මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයේ පහසුකම් ප්‍රමාණවත් නොවන හෙයින් තමන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව මන්ත්‍රීවරුන් පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පසුගියදා පැමිණිලි කර ඇත.

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස බොහොමයක් ජරාවාස වී ඇති බවත් වර්ෂා කාලයේදී සමහර නිවාසවලට ජලය පවා කාන්දුවන බවත් එම මන්ත්‍රීවරුන් පෙන්වාදී ඇත.

වර්ෂා කාලයේදී සමහර වැසිකිළි උතුරන බව ද ඔවුන් ප්‍රකාශ කර ඇත.

මන්ත්‍රී නිල නිවාසවල මන්ත්‍රීවරයකුට පවුලේ සාමාජිකයන් සමග ජීවත්වීමට ප්‍රමාණවත් ඉඩකඩක් නැති හෙයින් එම නිවාස නවීකරණය කර දෙන ලෙසට ද ඔවුහු ඉල්ලා සිටිති. මේ සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් කළ විමසුමක දී ඔහු පැවැසුවේ මන්ත්‍රීවරුන් රැසක් ඒ සම්බන්ධයෙන් තමාට පැමිණිලි කර ඇති බවයි.

 



අදහස් (7)

මන්ත්‍රී බංගලාව නරකාදියක්: කතානායකට පැමිණිල්ලක්

සෝමේ Wednesday, 29 May 2024 07:51 AM

ඇයි ඉතින් උන්දැලට කාවහරි දාල ඕක හදාගන්න බැරිද ? නිකන්ම කාල පුරුදු වෙලා දැන් රුපියලක් වියදම් කරන්න කැමති නැහැ මුන්

:       0       25

පිටරටවැසියා Wednesday, 29 May 2024 10:48 AM

ඔය කෙඳිරිගාන එකෙක්වත් ඕකේ නතරවෙලා නෑ. එන්නේ හදීසියකට වතුර ටිකක් මාරු කරගන්න, රියදුරුට-ගාඩ්ලට නතරවෙන්න විතරයි. මොනවා වුණත් හොඳට හදලා දුන්නොත් හොඳයි, අපු වෙලාවකට සැප පහසුවට වතුර ටික මාරු කරගෙන යන්න. එතකොටනෙ ජනතා සේවය හොඳටම කරන්නෙ !!!

:       0       10

සෙනෙවිරත්න Wednesday, 29 May 2024 11:02 AM

කොන්ත්‍රාත් කාරයට කියන්න, එයත් තමන්ගෙ පවුලෙ අය වගේනේ.

:       0       7

Lalla Wednesday, 29 May 2024 12:09 PM

ජරාව කන විදියට ඕවා හදාගන්න එක සුලු දෙයක් නේද?

:       0       13

රෝයි ෆෙඩ්රික්ස් Wednesday, 29 May 2024 02:51 PM

ඉතින් කොච්චර හොඳද? ඔක්කෝම යමපල්ලොනේ... ඒ හැරත් හැම කෙනාම මරණින් පසු යන තැන අපාය නිසා දැන්ම පෙරහුරුවක් ලැබෙන එක කොතරම් අගය කළයුතුද? අපාය! නුඹලා විඳින්නේ සුරලෝ සැප... දුප්පත් මිනිස්සු අපා දුක් විඳින්නේ නුඹලා නිසා...

:       0       9

විජිත් Wednesday, 29 May 2024 06:17 PM

තෙමෙනවාලු... වැස්සට වැසිකිලි උතුරනවාලු... ඒවාවල ඉන්න බැහැයිලු. මොන පිස්සු කතාවක්ද මේ? සතෙක් හදද්දී ඒ සතාට අවශ්‍ය පරිසරය ලබාදෙන්න ඕනෑ. ඉතින් දියවන්නාවේ ඉන්න ඔය ජරාව කන ඌරන්ට ගැලපෙන පරිසරයක් තමයි ඔය කියන නිවාසවල තියෙන්නේ. ඒවාවල ඉන්න බැරි අය සත්ව උද්යානේ ඌරු කණ්ඩායමට එකතුකරන්න පුළුවන්, නමුත් එතකොට මේ දියවන්නාවේ ඌරන්ගේ තිබෙන ජරා පුරුදු... හොරකම, කප්පම් ගැනීම, ස්ත්‍රී දූෂණය, බොරු චන්ඩි පාට් දැමීම ... වැනි දේවල් සත්වෝද්‍යානයේ ඉන්න අහිංසක ඌරන් පුරුදු වෙනවා. ඒ නිසා තව මාස දෙක තුනක් ඔය කූඩු වලම තියන්න. ඊට පස්සේ ඡන්දෙ ප්‍රතිඵල අනුව රටේ ජනතාව තීරණය කරයි. ඕකුන්ව සත්තු වත්තට යවනවාද නැතිනම් මස් කඩේට දක්කනවාද කියලා.

:       0       5

NirmalWednesday, 29 May 2024 07:53 PM

මස් කඩේට දක්කමු.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site