
(අංජුල මහික වීරරත්න)
ලංකා ඉතිහාසයේ මුහුණදුන් දරුණුම ආර්ථික අර්බුදයෙන් රට මුදවා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළට ශක්තියක් දීම වෙනුවෙන් තමා එක්වන බව ගම්පහ මහ නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මන්ත්‍රී ප්‍රේමසිරි කාරියවසම් පවසයි.
පසුගිය සමයේ ජනතාව විඳි අපමණ දුක්ගැහැට වලින් මුදවා ගැනීමට පිළියමක් ඇති එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඔහු විසින් මේ වන විටත් ඒ බව ප්‍රායෝගිකව ඔප්පුකර ඇති නිසා තමන් මේ තීන්දුව ගත් බවත් හිටපු නාගරික මන්ත්‍රීවරයා කීය.
තමන් සමඟ මෙතෙක් ගම්පහ දේශපාලන කටයුතු වල නිරත වූ ක්‍රියාකාරීන් රැසක් සමඟ එක්ව මෙම තීන්දුව ගත් බවද ප්‍රේමසිරි මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම අය ඉන්නකන් රටට අබ සරණයි...
උන්ම බංකොලොත් කරල, උන්ම බෙරගත්තවගේ ජවනිකාවක් පෙන්නලා , උන්ම උන්වම වර්ණනා කරගෙන , ආපහු උන් ඔක්කොම එකතුවෙලා ඊළඟ චන්දෙට මිනිසුන්ව මෝඩයට අන්දන්න ලෑස්තිවෙනවා
ලැජ්ජාවක් නැති පාහර අවස්ථාවාදීන් .පුද්ගලික වාසි බලාපොරෝත්තුවෙන් කරන වැඩ මේවා
මන්ත්‍රී කියනකොට මම හිතුවේ පාරලිමේන්තු කියල. මේ හාල් කෑල්ලක් නෙ?
දෑත් ශක්තිමත් කරන්න GIM එකකට එක්ක යන්න. පොල්ලකුත් දෙන්න.
මේ වගේ ප්‍රතිපත්ති නැති අය එවන්නේ කවුද
දෑත් ශක්තිමත් කරන්න නෙමේ, එයාගෙ බිස්නස් ගොඩ දා ගන්න වෙන්න ඇති .
මූන දැකම පෙනව රට ගැන හිතන බව. පවු අනෙ සුප්පුවක් හහල කිරි පොවන්න ඔනෙ.
අවස්ථාවාදී පල් හොරු
ගම්පහ මහනගර සබාවේ හිටපු මන්ත්‍ර්‍රි කෙනෙක් නිසා වෙන කරන්ඩ දේකුත් නැහැ .පස්සේ කාලෙක තමුන්ගේ දෑත් සක්තිමත් කරගන්ඩ අදහසක් ඇති
" ....සමාන වර්ගයේ පක්ෂීහු රංචු ගැසෙති ...." කියල එදා බාලාංශ පන්තියෙදි කියාදුන් පස්ථා පිරැළක් මතක් වුනා....!