IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මන්ත්‍රී පුතාගේ මාලය කොල්ල කෑ ’’රොක්ශි වත්තේ රංජි’’ අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ එච්.එම්.ධර්මපාල)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ  පුතෙකුට උල් පිහියක් පෙන්වා  මාලයක් සහ මුදල් කොල්ලකෑ "රොක්ශි වත්තේ රංජි" නැමති සැකකරු දෙහිවල දී අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.

සැකකරු එදින කොල්ල කන ලද රුපියල් එක් ලක්ෂ හැටදහසක් පමණ වටිනා සුදු රත්තරන් මාලය සැකකරු සන්තකයේ තිබීයදි පොලීසිය මගින් සොයාගෙන ඇත .

ඉකුත් 3 වැනි දින  සිය පෙම්වතිය සමග බම්බලපිටිය ලෙයාර්ඩ්ස් පාරේ ග්‍රාම නිලධාරී කාර්යාලය අසල මෝටර් රථය නවතා   කතාබස් කරමින් සිටියදී සැකකරු පාපැදියකින් මෝටර් රථය අසලට පැමිණ මුදල් ඉල්ලා තිබේ.

මුදල් නොමැතිබව පැවසූ විට   ක්ෂණයකින් සැකකරු උල් පිහියක් ඔවුන් වෙත එල්ල කර මෝටර් රථයේ ඩෑෂ් බෝඩ් එක මත තිබුණු රුපියල් 3000 ක  කොල්ල කා තිබූ අතර සැනින් මෝටර් රථය තුළ තිබූ බෑගයක් කොල්ල කෑමට උත්සාහ දැරීමේදී එහි තුළ තිබූ සුදු රත්තරන් මාලය මාර්ගයේ පිටතට විසිවී තිබුණි.

අවස්ථාවෙහිදී සැකකරු එයත් අවුලාගෙන පාපැදියෙන් ම පලා ගොස් තිබූ බව පොලිසිය කියයි

 

 

 



අදහස් (3)

මන්ත්‍රී පුතාගේ මාලය කොල්ල කෑ ’’රොක්ශි වත්තේ රංජි’’ අල්ලයි

Chathuranga Friday, 07 July 2023 03:43 PM

මේ ක්‍රියාත්මක වෙච්චි විදියටම ලංකාවේ වෙන අනිත් හොරකම් අල්ල ගන්න ශ්‍රී ලංකා පොලිසියට බැරි ඇයි?

:       2       27

සෙනෙවිරත්න Friday, 07 July 2023 08:19 PM

ඩෑෂ් බෝඩ් එකඋඩ රුපියල් තුන්දාහක්, බෑග් එකේ ප්ලැට්නම් මාලයක්, ඒක එළියට විසිවෙනවා... ටිකක් අවුල් වගේ.

:       0       4

Kariyawasam Friday, 07 July 2023 10:32 PM

ඕනෑම හොරෙක් අල්ලන්න පුළුවන් ආණ්ඩුවට සම්බන්ධ නැතිනම්...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site