(සුජිත් හේවාජුලිගේ)
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ බාගයට භාගයක් සිටින්නේ මන්ත්‍රීවරුන් නොව පිටස්තර අය බව අලුත්ම සොයා බැලීමකදී තොරතුරු අනාවරණයවී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසීය.
විශේෂයෙන්ම මන්ත්‍රීවරුන්ගේ ඥාතීන් ආරක්ෂක නිලධාරීන්, හිතවතුන්, හිතවතියන් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනහකට ආසන්න පිරිසක් මෙම නිල නිවාසවල සිටින බව දැනගන්නට ඇත.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස ලබා දෙනුයේ කොළඹින් පිට ඈත දුර බැහැර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් වන අතර රජය මෙම නිවාස නඩත්තු කිරීම සඳහා වාර්ෂිකව රුපියල් කෝටි ගණනක් වැය කරයි.
එම නිවාස පිටස්තර අයට නොදෙන ලෙසට කොපමණ දැනුම්දීම් කළත් එලෙස ලබාදීම දිගින් දිගටම සිදුවන බව පවසන එම ආරංචි මාර්ග මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත මත සිදුවන හෙයින් එවැනි පිටස්තර පිරිස් ඉවත් කිරීම ගැටලු සහගතවී ඇතැයිද සඳහන් කළේය.
මේ අතර එම මන්ත්‍රී නිල නිවාස සංකීර්ණය පවත්වාගෙන යෑමේ වියදම්ද දෙගුණයකින් පමණ වැඩි වී ඇතැයි වාර්තාවේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයේ යම් යම් සිද්ධීන් පසුගිය කාලයේදී වාර්තා වී තිබූ අතර ඒවාට සම්බන්ධ වී තිබුණේද මන්ත්‍රීවරුන් නොවන පිටස්තර අය බව දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයගේ List එක දෙන්න. එතකොට බලන්න පුළුවන් කව්ද හරි කියලා. විශේෂයෙන් විපක්ෂයේ, JVP එකේ ඉන්න අයගේ. එතකොට කටේ නරිවාදන් එළියට එයි. ඇයි අපි මේවාට නොකා නොබී බදු ගෙවන්නේ...?
තවත් බදු ගෙව ගෙව නඩත්තු කරපල්ලකෝ... රට පාලුවෝ ටිකම...!
කවුරු කෙරුවත් වැරැදි වැඩක් ඒක...!
ඕක පාර්ලිමේන්තු පරිපාලනයේ දුර්වලතාවයක්... පාර්ලිමේන්තුවේ සාමාජිකයින්ලා විතරයි ඉන්න පුළුවන්... කියලා දැන්වීම ගහන්න. ඊට පස්සෙත් කවුරුහරි එන්න යනවා නම් උසාවි දාලා ලොකු දඩයක් ගහන්න ඒ අදාළ මන්ත්‍රීවරයාට... ඕවා සුළුවෙන් විසඳන්න පුළුවන් දේවල්..!
තව මුන්ට අපි ටැක්ස් ගෙවන්න ඕන.මුන් මහ නරුම උන් .කාලකන්නි දෙස්පාලුවා සහ රජයේ සේවක හැතිකරේ
ලාල් කාන්ත අවුරුදු ගාණක් හොරෙන් ඉන්නේ..!
මේ පහසුකම් අවලංගු කරන ආණ්ඩුවක් පත්කර ගනිමු..!
එන්න, මේ අය නඩත්තු කරන්න අපි බදු ගෙවමු...!