IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මන්ත්‍රී ජයරත්න රිය අනතුරක: 6ක් රෝහලේ

(රවින්ද්‍ර ප්‍රභාත්)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතා ගමන් කළ ජීප් රථයක් වාරියපොල ප්‍රදේශයේ දී තවත් කුඩා ලොරි රථයක ගැටීමෙන් 06 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව වාරියපොල පොලිසිය කියයි.

අනතුරින් මන්ත්‍රීවරයාට තුවාල සිදුවී නොමැති අතර ඔහු වෙනත් රථයකින් එම ස්ථානයෙන් පිටව ගොස් ඇත. වාරියපොල නගර මධ්‍යයේ සිට මීටර් 150 ක් පමණ දුරින් කුරුණෑගල මාර්ගයේදී අනතුර සිදුවී ඇති බව පොලිසිය සදහන් කරයි.

මන්ත්‍රීවරයා ගමන්ගත් ජීප් රථය පාදෙණිය දෙස සිට කුරුණෑගල දෙසට ගමන් කරමින් සිටින අතරතුරදී මාර්ගය අසල නවතා තිබූ කුඩා ලොරි රථය එක් වරම මාර්ගය මැදට ගැනීම හේතුවෙන් අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.

 සිද්ධියෙන් ලොරි රථයේ ගමන් කළ 05 දෙනෙකු සහ මන්ත්‍රීවරයා ගමන් ගත් ජීප් රථය පැදවූ රියදුරු තුවාල ලබා එම අවස්ථාවේ දීම වාරියපොල දිසා රෝහලට ඇතුලත් කර ඇත. පසුව එම පිරිස වැඩිදුර ප්‍රථිකාර සදහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇත.
අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වාරියපොල පොලිසියේ රථවාහන අංශය  විසින් සිදුකරන අතර අනතුරට පත් වාහන දෙක වාරියපොල පොලිසිය බාරයේ පවතී.

 

 

 



අදහස් (0)

මන්ත්‍රී ජයරත්න රිය අනතුරක: 6ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site