
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
එදා ඒකාබද්ධ විපක්ෂයේ සිට් මන්ත්‍රීවරුන් 53 දෙනාගෙන් පනස් දෙදෙනකුම ඇමැතිවරුන් බවත් අද තමා පමණක් පාර්ලිමේන්තුවේ පිටුපසටවී සිටීමෙන් පෙන්නුම් කෙරෙන්නේ කාන්තාවන්ට හොඳින් සලකපු ආකාරය බවත් ගාලු දිස්ත්‍රික් මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද පැවසුවාය.
"මේවා උඩ ඉන්න දෙවියෝ බලාගනිවි. ලෝකයේ ඕනෑම ක්‍රියාවකට ප්‍රතික්‍රියාවක් තියෙනවා" යැයිද ඇය සඳහන් කළාය.
ඇය මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.
එදා වැඩි දෙනා ඒකාබද්ධ විපක්ෂය හැරදමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මාරුවී ගියත් තමා පමණක් එම විපක්ෂයේ රැඳී බව පැවසූ කුමාරසිංහ මහත්මිය එදා ඒකාබද්ධ විපක්ෂයට කළු පටියක් ගෙන්නවත් කවුරුත් නොසිටි බවත් කීවාය.
කළු පටි ගෙන ආවේද තමා බව ඇය සඳහන් කළාය.
මේ අතර අද එක වේලක් කන ජනතාවට වේල් තුනම කෑමට අවස්ථාව සලසන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බවද ඇය ප්‍රකාශ කළාය.
බඩගින්නේ සිටින ජනතාවගේ එම ගින්න නිවන්නැයිද තමා ඉල්ලීමක් කරන බව කුමාරසිංහ මහත්මිය පැවසුවාය.
මෙවර අයවැයෙන් සිනමා කලාවට ලොකු දෙයක් කර නැති බවත් සියලුම කලා කටයුතු එක පොදියට දමා ඇති බවත් ඇය කීවාය.
මේ නිසා ඡන්ද කාලයේදී දේශපාලඥයන් පසුපස යන කලාකරුවන්ට හොඳ වැඩේ යැයි තමා ප්‍රකාශ කරන බවත් දැන්වත් ඒ ගැන සිතා බලන්නැයි සහෝදර කලා ශිල්පීන්ගෙන් ඉල්ලීමක් කරන බවත් ගීතා කුමාරසිංහ මහත්මිය සිනාසෙමින් වැඩිදුරටත් සඳහන් කළාය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබේ සුදුසුකම් අනුව දෙන්න තරම් සුදුසු ඇමැතිකමක් නැතිව ඇති...
දෙන්න පුළුවන් ඇමතිකම් දෙක තුනක් තියනවා .තේරුනේ නැතෙයි ඔහෙට?
කියවලා කියවලා අන්තිමට අයවැයට අත උස්සනවා
ගැහැණු වයසට යනකොට සුදුසුකම් අඩු වෙනවා
වර්තමාන ලංකාවේ දේශපාලන ක්‍රමය වෙනස් කර කාන්තවන් බලගැන්වීමට නම් ඔබලා ඉදිරියට පැමිණ ජනතව දැනුවත් කල යුතුවේ
ඉස්සෙල්ලා වගකීමක් ඇතුව කතා කරන්න ඉගෙන ගන්න. ඔහේ කටට එන දෙයක් කියලා දානවා...
ඔබේ තරම ඔබ වටහා ගන්න
ඔව් ඔව් කළාකරුවනී මේ උන්දැට ඇමතිකමක් නැති එක රටට විශාල පාඩුවක්. අනේ මගේ කට!
ඔබතුමිය පාන්දර එකට, දෙකටත් නැගිටලා ජනතාවට සේවය කරනවා,කියලා කතාවක් කිව්වා මතක ඇතිනේ ,අඩුම තරමින් ඒ ගැනවත් සළකා බලන්ඩ තිබුනා.
බෙන්තොට විහාර මාවත ,බෙන්තොට ජනතාවගේ දේවතාවිය .අපේ ගමට පාසල ,පන්සල ,බස් හෝල්ට් ,පාර හැදුනේ මෙතුමිය නිසයි .අති ගරු ජනාධිපතිතුමනි ,අපි ඔබෙන් ඉල්ලන්නේ මෙතුමියට ඇමති කමක් ලබා දෙන ලෙසයි
කොරෝනා පැතිරෙන හන්දා සුදුසු ඇමතිකම දෙන්න බැහැ .පොඩ්ඩක් ඉවසන්න
ඔබ සොරකම් කිරීමට දක්ෂ හෝ කාර්යක්ෂම විය යුතුය. ඇමතිකමකට නොගැලපෙන්නේ ඒකයි! ඊට අමතරව, ඔබ බොරු කාරයෙකු විය යුතුය.
කියන්නේ නම් යන්නේ මහජන සේවෙට කියල. ඒ උනාට අඬන්නේ තනතුරු නැතුව.
අඩන්න එපා ගිතෝ ඔහොම තමයි.දැන් තියෙන්නේ සෞභාග්‍ය යේ දැක්මනේ.
මේ යන විදියට මේ වගේ ගොං ගහක් ඇමැති කෙනෙක් වුනත් පුදුම වෙන්න දෙයක් නෑ...
මෙතුමාටන් වඩා අජිත් ප්‍රසන්න මහතා පාර්ලිමේන්තුවට සුදුසු බව මෙතුමිය විසින්ම ඔප්පු කිරීමක්.ගාලු දිස්ත්‍රික් ජනතාව දැන්වත් හිතන්න .පාර්ලිමේන්තුවට පත්වෙන සියලු දෙනාට ඇමතිකම් දෙන්න බැරි බව මෙතුමිය දැනගන්න ඕනේ.මෙතුමියට ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කී දෙනෙක් ඇමතිකම් නැතුව ඉනාවද ?කොවිඩ් වසංගතයෙන් රටම විතරක් නෙමෙයි ලෝකයාම වැටිලා තියෙන වෙලාවක මෙයා වැලපෙන්නේ ඇමති කමක් නොමැති එක ගැන
දෙන්න ඕනේ කමක් තිබ්බානම් කළු පටි ඇමති කම හරි දෙන්න තිබුනා නේද ?
තරුණ පෙනුම රැකගන්න ටිකක් මහන්සි වුණා නම් සලකලා බලන්න තිබුණා.
ඇමැතිකම් දෙන්න නම් උගත්, ගුණගරුක කාන්තාවෝ පාර්ලිමේන්තුවට යවන්න ඕනේ. ලෝකයේ පැරැණිම රැකියාව කරන වට්ටි අම්මලා මෙන් හැසිරෙන කාන්තාවන්ට දිගින් දිගටම ඇමැතිකම් දුන්නොත් මේ රට තවදුරටත් විනාශ වෙනවා.
දුම්රිය මැදිරි ඇමතිකමක් ඇතිකල එකේ වක්කුඹුරට නොදුන් වල්ලපට්ට ඇමතිකම කියලා එකක් හරි, නැත්නම් දුම්රිය ඇන්ජින් ඇමති කියලා ඇමතිකමක් හදලා මුන්දැට දෙන්න පුළුවන්... කමක් නැද්ද?
මෙයා නාකි වෙලා හම රැලි වැටිලා ගඳ ගහන කුණු ගොදක්නේ