(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ගුණතිලක රාජපක්ෂ මහතා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් හදිසි ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලකට ඇතුළත් කොට තිබේ.
ඒ මහතා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගි වීමෙන් අනතුරුව ඉන් පිටව යන අවස්ථාවේදී ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා වහාම පෞද්ගලික රෝහලකට ඇතුළත් කොට හදිසි ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන තිබූ අතර ඔහු අද (15) සවස් කාලය වනතුරුත් එහි ප්‍රතිකාර ලබමින් සිටි බව ඔහුගේ සමීපත්කමයකු තහවුරු කළේය.
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ආරම්භ වීමත් සමග එම කමිටු රැස්වීම මාධ්‍යයට තහනම් කිරීම සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා ගුණතිලක රාජපක්ෂ මහතාට චෝදනා කර සිටි අතර එහිදී දෙදෙනා අතර විවාදාත්මක තත්ත්වයක් ද ඇතිවිය.
කෙසේ නමුත් මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් බරපතල නොවන බවද වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිම වාක්‍යය නම් කිසිම ගතියක් නැහැ.
සිදුහත් රජතුමා රටේ සංචාරයේ යෙදෙන අතරේ මහල්ලෙක් ලෙඩක් මිනියක් හා පැවිද්දෙක් දැකලා සසර කලකිරී ගිහිගෙය හැරගියා. උපන් සෑම කෙනෙක්ම ලෙඩවෙනවා, මැරෙනවා. ඒකෙන් කියන්නේ තණ අග තියෙන පිනිබිඳු වගේ ජීවිතය විනාශ වෙනවා කියලා තමයි. ඉතින් සෑම කෙනෙක්ම ජීවත්වන කෙටිම කාලය යහපත්ව ජනතාවට අසාධාරණයක් නොකර ජනතා දේපොළ මංකොල්ලකෑම් නොකර ජනතා මුදල් තමන්ගේ පරම්පරාවේ අයගේ ප්‍රයෝජනයට පමණක් නොගෙන යහතින් ජීවත්වෙන්න කියලා මතක් කිරීමක් හැටියට තමයි, ඔහොම හිටිහැටියේ අසනීප වෙනවා. හදිසි අනතුරු වෙලා මැරෙනවා. හිරේ විලංගුවේ වැටෙනවා වගේ වෙන්නේ. මේවා මෙනෙහි කර හිටියොත් රටත් හැදේවි ජනතාවට සේවයක් වේවි... එහෙම කරපු කෙනාගේ නම සදා පවතීවි?මැරෙන වෙලාවේ තමයි කළ පුන්‍ය කර්ම සිහියට ඇවිත් යහපත් ආත්මයක උපතකට හේතුවක් වේ...!