(නිමල කොඩිතුවක්කු)
පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන්ට රජය සාධාරණය ඉටු නොකිරීම සම්බන්ධයෙන් රෝමයේ වතිකානයට ගොස් පාප්වහන්සේට කරුණු දක්වා සමගි ජන බලවේගයේ මානව හිමිකම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා භාරදුන් සංදේශයට ප්‍රතිචාර දක්වමින් වතිකානයෙන් ලිඛිත පණිවුඩයක් යොමුකර ඇත.
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙරට ජනතාව උදෙසා උන්වහන්සේගේ පූර්ණ මගපෙන්වීම සහ පූර්ණ අධීක්ෂනය යටතේ කටයුතු සිදුකරන බවට ලිකිතව දැනුම් දිමක් සිදුකර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.
මෙරට පිහිටි වතිකාන තානාපති උන්වහන්සේ හරහා මේ බව තමන්ට දැනුම් දුන් බව ඔහු සඳහන් කළේය.
පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන්ට රජය සාධාරණය ඉටු නොකිරීම සම්බන්ධයෙන් ඉකුත් මාර්තු 30 වැනිදා රෝමයේ වතිකානයට ගොස් පාප්වහන්සේට කරුණු දක්වා සංදේශයක් භාරදුන් බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
පාස්කුදා ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කරන බවට පවසා බලයට පත් වූ ආණ්ඩුව වසර දෙකක් යනතෙක් මේ සම්බන්ධයෙන් කිසිවක් ඉටු නොකිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළ බවත් ජයවර්ධන මහතා කීවේය.
ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති දේශපාලනික, ආර්ථිකමය ගැටලූ පිළිබඳව සහ අවුරුදු තුනකට ආසන්න පාස්කු ප්‍රහාරයට ලක්වී වේදනාවෙන් සිටින වින්දියන්ට සාධාරණත්වයක් ඉෂ්ට නොවීම පිළිබඳවත් උන්වහන්සේ වෙත දීර්ඝ ලෙස කරුණු දැක්වූ බවත් ඔහු පැවසීය.
එමෙන්ම පාප් වහන්සේගේ ලේකම් වහන්සේ මුන ගැසි මේ සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක නිරත වූ බවත් හෙතෙම කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට තේරෙන්නේ නැහැ.. පාස්කු ප්‍රහාරය කරගත්තේ අපිද?
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හැම කෙනාම... එයාලගේ හත්මුතු පරම්පරාවත් එක්කම මකබෑවිලා යන්න ඕනේ... මේ කරපු සාහසික අපරාධයට...
මැරුණු මිනිස්සු ගැන කතා කරනවා මිසක් කන්න නැතිව මැරෙන්න යන මිනිස්සු ගැන කතාකරන්නේ නැහැනේ. ළඟදීම හැමෝටම හාල් පෝලිම්වල ඉන්න වෙන්නේ ස්වර්ගයේ තමයි.
මේ යකා තමයි කර්දිනල් තුමාට ලනු දිලා එතුමා ගේ ගරුත්වය විනාශ කලෙ කතොලික පාප්වහන්සෙට ලිපියක් යැව්වොත් ඔනෙ කෙනෙකුට පිලිතුරු සපයනවා එය සම්ප්‍රදායක් , මේ බුරුවට ඒක මාහා ප්‍රාතිහාර්යක්.
ලොකු සාකච්ඡාවක් යනවා වගෙයි රටට ඩොලර ලැබෙයි වගේ.
අප්පගෙ දේ පුතා නොකලොත් උ නොට්ටිගෙ පුතාලු. පියා වගෙම තමයි මේයත් සල්ලි දෙනවනම් ඔන දෙයක්