
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
එක්තරා මන්ත්‍රී කෙනෙක් තමාගේ දෘශ්‍යාබාධිත බව ගැන නිග්‍රහයක් කළ බව පත් කළ මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"එක්තරා මන්ත්‍රීවරයෙක් මා සම්බන්ධයෙන් කියූ කාරණයක් ඔලුවට එනවා. එය ඔහු ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේදී නොවේ. නිදහස් පරිසරයකයි. ඔහු මගේ බුද්ධිය, අවබෝධය හෑල්ලු කර තිබෙනවා.අපි ගැන හරියට නොදන්න පිටස්තර විශ්ව විද්‍යාලයක කෙනෙක් එහෙම කිව්වා නම් මට දුක නෑ. අපේම අතේ එල්ලිලා අයියේ කියමින් ඇවිල්ලා දේශපාලන නරි නාඩගම් නටාපු කෙනෙක් මගේ දෘෂ්‍යාබාධිත බව ගැන නිග්‍රහයක් කළා. කෙනෙක්ගේ අතින් අල්ලගෙන මේ කවුද කියා නම කියන්න මට පුළුවන්. හැබැයි යමෙකුගේ අතින් අල්ලගෙන ඔහුගේ පපුවේ තියෙන වීදුරු කටු, කටු කම්බි ගැන අපිට කියන්න බෑ. එහෙම හැකියාවක් තිබුණා නම් කවදාවත් එතුමාගේ අතින් වැරදිලාවත් අල්ලන්නේ නෑ.ඔහුගේ කටින් පිටවූයේ ආබාධිත වූවන් පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විග්‍රහයද?එමෙන්ම එය විපක්ෂයේ මතයද කියා විපක්ෂ නායකතුමා කියන්න යැයි සුගත් වසන්ත ද සිල්වා මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දයාසිරි කියන්නේ කවුද කියලා දැන් කුරුණෑගල ජනතාව හොඳට දන්නවා..
මානව හිතාවාදී නැති අය ගැන හිතන්න එපා, සුගත් මල්ලියේ. ඔබට ජාතිය වෙනුවෙන් බොහෝ දේ අකලහැකියි .දිරිමත් වී පෙරට යන්න