(අංජුල මහික වීරරත්න)

මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබා දෙන දීමනා හා හිමිකම් පිළිබඳ නැවත සලකා බැලීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ මූලිකත්වයෙන් පත් කළ කමිටුවේ වාර්තාව  අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති  අනුර කුමාර දිසානායක වෙත භාර දෙනු ලැබීය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මෙම අවස්ථාවට එක්ව සිටියහ.