(ආනන්ද ඉ ජයකොඩි)
නිට්ටඹුව නගරයේ දී ඇති වූ මහජන නොසන්සුන් තාවයන් අතරතුරදී පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමර කීර්ති අතුකෝරල හා ඔහුගේ ආරක්ෂක පොලිස් සැරයන් අහංගම විතාරණලාගේ ජයන්ත ගුණවර්ධන යන දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන තවත් සැකකරුවන් දෙදෙනකු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සදහා මේ මස 13 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ රදවා තැබීමට අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ජයසේකර රණසිංහ මහතා නියෝග කළේය.
නිට්ටඹුව නගරයේ ඝාතනයන් සිදු වූ බව කියන එම ආයතනයේ සේවකයකු ඇතුළු සැකකරුවන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ රහස් පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ආවරණය කොට වැඩ බලන මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ එසේ රිමාන්ඩ් කෙරිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ රහස් පොලිස් නිලධාරීන් පිරිසක් විසින් සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගෙන තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අර වෙඩි වැදිල මැරිච්ච ලමයට යුක්තිය ඉශ්ට වෙන්නෙ නැද්ද? ඒයාට වෙඩි වැදිල තියෙන්නනෙ කාගෙ පිස්තොලෙන්ද කියල හොයාගන්නෙ නැද්ද? හොයන්න ගියොත් බැටළු හම පොරවන්න යන වෘර්කයගෙ හෙළුව පෙනෙයි කියල බයටද?