(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සාහසිකයන් පිරිසක් විසින් නිට්ටඹුවේදී ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා පිළිබඳ ශෝක යෝජනා විවාදය දැකබලා ගැනීමට පැමිණි අතුකෝරල මහතාගේ බිරිඳ වන මාලනි අතුකෝරල මහත්මිය පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සිය ස්වාමියාගේ ගුණ වර්ණනා කරන සෑම අවස්ථාවකදීම වරින්වර හඬා වැටීම අද මැතිසබයේදී දක්නට ලැබුණු සංවේදී සිද්ධියක් විය.
අමරකීර්ති අතුකෝරල මහතාගේ පුත් රනිදු අතුකෝරල සහ තවත් ඥාතියකුද විවාදය දැක බලා ගැනීම සඳහා පැමිණ කතානායක ගැලරියේ රැඳී සිටිනු දැකගත හැකිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණය කාටත් පොදු ධර්මතාවයකි. එය බුද්ධිමත්ව අවබෝධ කරගත යුතු දෙයකි. එපමනක්ද නොවේ, කර්ම සහ විපාක යන සර්ව ලෝකයටම පොදු සන්සිද්ධියක් ඇත. විද්යානුකුලව බැලුවත් සෑම ක්රියාවටකම සමාන හා ප්රති විරුද්ධ ප්රතික්රියාවක් ඇත. අතුකෝරල මහතා සන්නාහ සන්නද්ධව ගොස් පැමිනෙමින් සිටියේ දාන සීල භාවනාදී පුන්යකර්මයට සහභාගි වීමෙන් පසුව නොවේ. නිරායුධ මනුශ්ය හිංසාවට දායකවීමෙන් පසුවය. බුදු දහමට අනුව තමන් විසින් සිදු කල පාප කර්ම වලට විපාක ලැබීම විවිධය. කාලනිර්නය විවිධය. කර්මානුරූපව එතුමා භාජනය වූයේ මෙලොවදීම විපාක දීමකට විය හැකිය. කරුණු කෙසේවුවත් අපි එතුමාට නිවන් සුවපතමු.
අනුර කුමාරයා නැද්ද කතාකලේ
මහින්ද මාත්තයත් අඬන්න ඇති මං හිතන්නෙ.
මොන ගුණ කිව්වත් තකතීරු මෝඩකම. ඒ වගේ දවසක මන්ත්‍රී බැජ් ගහගෙන රට මැදින් වීරකමට ගිය එක අමන මෝඩ කමක් නේද?
රඹුක්කනදී ඝාතනය වූ තරුණයාගේ බිරිදටත් ඔය විදියටම පාර්ලිමේන්තු එන්න දෙන්න.
මිනී මැරිල්ල කාලකන්නි ජෙප්පන්ගේ කාලකන්නි සතුටක්
ම්ලේච්ඡ ඝාතනය හෙලා දකිනවා. අපරාධකරුවන්ට උපරිම දඩුවම් දියයුතුයි
ලේ පිපාසිත ජෙප්පන්ට බලය ගියොත් කොහොමද කියලා එක දවසකින් වසර 32කට පසු නැවත වරක් පසක් වුණා.
ප්‍රචණ්ඩකාරී දේවල් වලට යන මැරයින් ඝාතනය වෙන එක ගැන කිසිම අනුකම්පාවක් නැති බවත්, අනිත් සෑම මනුස්සයෙක්ව ඝාතනය කරන දේ පිළිකුලෙන් හෙළා දකිනවා.. මැරයින්ට කවමදාවත් රටක නැති නීති අතට ගන්න නොදිය යුතුයි.