
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, ඔහුගේ ගම් පළාත වන ඩෙලවෙයාර් ජනපදයේ නිව් කාසල් නගරයේ ඡන්ද මධ්‍යස්ථානයකට ගොස් මිනිත්තු 40 ක් පෝලිමේ සිට, සිය ඡන්දය ප්‍රකාශ කළේය.
ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ලබන නොවැම්බර් 5 වැනිදාය. ඊට පෙර, වේලාසනින් ඡන්දය ප්‍රකාශ කිරීමට ජනපද මට්ටමින්, ඇමෙරිකන් වැසියන්ට අවස්ථාව උදා වෙයි.
බයිඩන්, නිව් කාසල් නගරයේ ඡන්ද මධ්‍යස්ථානයට ගියේ ඒ අනුවය.
ජනාධිපති ආරක්ෂක නිලධාරීන් බයිඩන්ට ආරක්ෂාව ලබා දුන් අතර, 81 හැවිරිදි බයිඩන් පෝලිමේ ඔහුට ඉදිරියෙන් රෝද පුටුවකින් පැමිණ සිටි වැඩිහිටි කාන්තාවකට සහාය දැක්වීමට ද අමතක නොකළේය.
මෙවර ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන්නේ රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වත්මන් උප අගමැතිනී ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා කමලා හැරිස්ය.
ජනමත සමීක්ෂණ අනුව, දෙදෙනා අතරේ තියුණු සටනක් පැවැත් වෙනු ඇතැයි ද පැවැසෙයි.
කමලා හැරිස් ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස නම් කළේ ද බයිඩන්ය. ඒ, පසුගිය ජූලි මාසයේ බයිඩන්, ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වීමෙන් පසුවය. බයිඩන් ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වූයේ ඔහුගේ වයස ඔහුට බාධාවක් වූ බැවිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මූ තමයි ලෝකෙම කාලකන්නි කරපු ලොන්තයා. යුක්‍රේන යුද්ධෙ පටන් ගත්තෙ මූ තමයි. ඒක නිසා තමයි අර ඊස්‍රායලෙයි පලස්තීනෙත් අහිංසක මිනිස්සු මලේ. ආපහු ට්‍රම්ප් ආවොත් කාලයක් යුද්ධ නැතුව තියෙයි. නැත්තන් ඉතින් සොරිම තමයි.