IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මෙන්ඩිස් සහ සමාගම් අධ්‍යක්ෂවරු 3කට වරෙන්තු

(රෝෂන් තුෂාර)

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක(3,555,488,597.00) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි චෝදනාලත් ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ   අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා (01)අද නියෝග කළේය.

දේශීය ආදායම් කොමසාරිස්ජෙනරාල්වරයා පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව මෙසේ වරෙන්තු නිකුත් කරනු ලැබුවේ අර්ජුන් ජෝසප් ඇලෝසියස් , ඇන්තනී රන්දෙව් දිනෙන්ද්‍ර ජෝන් හා කුමාරසිරිද සිල්වා යන අධ්‍යක්ෂකවරුන් තිදෙනාටය.

2016 සහ 2019 අතර කාලය සඳහා රජයට අය විය යුතු රුපියල්  3555488597.00ක වැට් බදු මුදල් ගෙවන ලෙසට විත්තිකාර අධ්‍යක්ෂකවරුන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දේශීය ආදායම්  කොමසාරිස් ජනරාල්වරයා විසින්  2020 වර්ෂයේ මහේස්ත්‍රාත් අධිකරයේ නඩු පවරා ඇත.අදාළ නඩුව විභාග කිරීමෙන් අනතුරුව  පසුගිය(2023) වසරේදී තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති මහේස්ත්‍රාත්වරයා අදාළ බදු මුදල් ගෙවන ලෙසට නියෝගයක්  නිකුත් කර ඇත.

එම නියෝගය ප්‍රකාරව කටයුතු නොකිරීම සහ අද දින අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කෙරිණි.

මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයට එරෙහිව  විත්තිකරුවන් විසින් මහාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවට ඊයේ අධිකරණයේදී කරුණු ඉදිරිපත් කෙරිණි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්වරයා වෙනුවෙන් නීතිඥ දිනේෂ් පෙරේරා මහතා පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ චානක්ඛයා ලියනගේ මහත්මිය පෙනී සිටියාය.

නඩුවේ වැඩිදුර විභාගය මැයි මස 06 වැනි දිනට කල් තිබිණි. 



අදහස් (2)

මෙන්ඩිස් සහ සමාගම් අධ්‍යක්ෂවරු 3කට වරෙන්තු

Asela Monday, 01 April 2024 10:12 PM

ජාතික ජන බලවේගයට ජයවේවා...!

:       0       0

අරවින්ද මොනරවිල Tuesday, 02 April 2024 07:17 AM

රනිල් ජනාධිපති උනාම ඇලෝසියස් මුදලාලිලා කොතරම් බලවත් වෙලාද කියලා මේකෙන් පැහැදිලි වෙනවා විතරක් නොවෙයි, උසාවි තීන්දුවත් පයිසෙකට මායිම් නොකරන තත්වයකට පත්වෙලා. මහ බැංකුව කැඩුවේ දෙගොල්ලොම හවලේ කියලත් දැන් මේකෙන් ඔප්පු වෙනවා, කමක් නැහැ තව මාස හතයි ඔය සෙල්ලම් දාන්න පුලුවන්.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site