(කුෂාන් ජයවර්ධන)
අවුකන ප්රදේශයේදී ඉකුත් 21 වැනිදා රාත්රීයේ පීලි පැනීමට ලක් වූ මීනගයා දුම්රියේ මැදිරි හා එන්ජිම පීළි ගතකිරීමේ මෙහෙයුම තවදුරටත් ක්රියාත්මකව පවතින අතර අද (23) පස්වරුවේ එම ප්රදේශයට පැවැති වැසි තත්ත්වය ඊට තරමක් බාධාවක්ව තිබිණ.
අවුකන කලාඔය පාලම මත දි පීලි පැනීමට ලක්ව ඇති දුම්රිය එන්ජිම ද යළි පීලි ගතකිරීම සඳහා මේ වනවිට දුම්රිය කාර්ය මණ්ඩලය වෙහෙසෙමින් සිටිති.
දුම්රිය එන්ජිම පීලි පැන නැවතී ඇති පාලම දක්වා අනතුරින් විනාශව තිබූ දුම්රිය මාර්ගය අලුතින් සැකසීම අද දිනයේ සිදු කෙරිණ.
අද පස්වරුවේ ප්රදේශයට පතිත වූ වර්ෂාව දුම්රිය එන්ජිම හා ඉතිරිව ඇති මැදිරි දෙක පීලිගත කිරීම සඳහා වූ මෙහෙයුම් කටයුතුවලට බාධා ඇතිවිය.
දුම්රිය එන්ජිම හා අනෙකුත් දුම්රිය මැදිරි දෙක පීලිගත කිරීම අසීරු කටයුත්තක්ව ඇති හෙයින් ඒ සඳහා කොළඹ සිට විශේෂ දුම්රිය දොඹකරයක් ද එම ස්ථානයට ළගා වී තිබේ.
මේ වනවිට ප්රදේශය වැසි තත්ත්වය තරමක් පහව ගොස් ඇති අතර පීලි පැන ඇති දුම්රිය මැදිරි දෙකක් හා දුම්රිය එන්ජිම පීලිගත කිරීම සඳහා වූ මෙහෙයුම් කටයුතු අද රාත්රීයේ ද තවදුරටත් ක්රියාත්මක කිරීමට දුම්රිය කාර්ය මණ්ඩලය කටයුතු කරමින් සිටිති
මීනගයා දුම්රිය මෙලෙස පීලි පැන අනතුරට පත්වීමත් සමඟ ඊයේ 22 දිනයේ සිට මේ වනතෙක් කොළඹ මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කිරීමට දුම්රිය බලධාරීන්ට සිදුව තිබේ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1815 ගෙනාපු දොඹකරේ තවමත් වැඩ බුදු සරණයි
ආයෙමත් හයි කොරන්නේ දිරච්ච කොටන් නේද? අනේ මන්දා ඔබලගේ වැඩ. රේල් පාරේ කොටන් දාන්න සල්ලි නැහැ නමුත් රාජගිරියේ මාසෙකට මිලියන දෙකහමාරක් ගෙවලා කෘෂි කර්මාන්තෙට නගා සිටුවනවා
මෙතන සිල්පර හොඳටම දිරලා. වගකීමකින් වැඩකරන සේවකයින් වත්, නිලධාරීන්වත් නැහැ. මාසේ පඩිය ගන්න විතරයි ඔලුවේ තියෙන්නේ... මේ වගේ අනතුරක් වුණාම අතිකාල, විශේෂ දීමනා ගන්න බලාගෙන ඉන්නේ... අනෙක මේවට යන්නේ තමන්ගේ සල්ලි නෙමෙයිනේ.. රටේ සල්ලිනේ... ගානක් නැහැ කාටවත්.
මම ඊයේ දාපු කොමෙන්ට් එක බලලද කොහෙද කෝච්චි දොම්බකරය ගෙනල්ලා තියෙන්නේ. ඕක ඔතෙන්ට ගෙන්න දවස් 4 -5 ක් ගිය එක තමයි අවුල. අපිම කියන්න ඕන වැඩක් කරන්නේ කොහොමද කියලා.
අනුර, ඔබ කියන හැටියට මේ දොඹකරේ 1815 ගෙනාවේ මොකටද? ලංකාවට දුම්රිය සේවය එන්නේ 1857 දී. පළවෙනි දුම්රිය ගමන සිදුවන්නේ 1864 දී. දොඹකරේ වැඩ ගන්නේ නැතුව ගොඩක් කල් තිබිලා වගේ.
අනුර, ඔබගේ දත්ත වැරදියි. ඔය දොඹකරය නිෂ්පාදිත වර්ෂය 1951... වැරදි තොරතුරු ප්රචාරය නොකරන්න..