IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


මීනගයා දුම්රියේ අලි රංචුවක් ගැටෙයි :6ක් මරුට

(නිමල් ජයරත්න )

මඩකලපුව සිට කොළඹ දක්වා අද (20 ) අලුයම ධාවනය වූ මීනගයා රාත්‍රී දුම්රියට හබරණ පොලිස් වසමේ ගල්ඔය දුම්රියපොළ ආසන්නයේ අටකින් යුත් වන අලි රංචුවක් ගැටීමෙන්, ඉන් වන අලි හය දෙදෙනෙකු මියගොස්, ඇති බව, හබරණ පොලිසිය කියයි.

වන අලි දෙදෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන අතර වන අලි රංචුව ගැටිමෙන් දුම්රිය එන්ජිමද පීලි පැන ඇති බව, ඒ සම්බන්ධ පරීක්‍ෂණ සිදුකරන හබරණ පොලිසිය සඳහන් කරයි.
 
දුම්රියේ ගමන් කළ මගීන් කොළඹ සිට පැමිණි වෙනත් දුම්රියකින් කොළඹ බලා රැගෙන යාමට  කටයුතු කර ඇති අතර මීනගයා දුම්රිය එන්ජිම පමණක් ඉවත්කර මඩකලපු දෙසට ගමන් කිරීමට කටයුතු සලසා තිබේ.
 
පීලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට ද අලාභ හානි සිදු වී ඇති අතර ගල්ඔය මඩකලපුව දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු  සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරියකු සඳහන් කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ කම්කරුවන් පිරිසක් පැමිණ දුම්රිය පීලිගත කිරීමට මේ වනවිට කටයුතු කරමින් සිටිති. 00 එම ස්ථානයට ගල්ඔය පොලිස් මුරපලේ පොලිස් ස්ථානාධිපති ඇතුළු නිළධාරීන් විසින් ආරක්ෂාව සපයා ඇත.



අදහස් (7)

මීනගයා දුම්රියේ අලි රංචුවක් ගැටෙයි :6ක් මරුට

Tharindu Thursday, 20 February 2025 09:56 AM

මෙම දුම්රිය මාර්ගයේ සෑම වසරකදී ම වන අලි ගැටිම් අවම වශයෙන් 3 හෝ 4ක් සිදුවනවා..ඉන්පසුව දුම්රිය මාර්ගයට සිදුවන හානිය ඇස්තමේන්තුව කරන්න ටයි පලදින්නෝ පෝලිමේ එනවා..බොහෝවිට ඔවුන් මුළු වසරටම රැකියාව කරන්නේ ඔය දවසට වෙන්න පුළුවන්.අවසාන අනතුරෙන් පසුව වේග සීමා පැනවුවා..ඒ සිමාවේ යනවා නම් මෙතරම් අලි සංඛ්‍යාවක් මිය යන්නේ කොහොමද??වන අලි සත්ව උද්‍යාන වලින් බැලිමට සිදුවන කාලය තව අවුරුදු කිහිපයකින් උදාවනු ඇත

:       0       27

Kamal Koyrala Thursday, 20 February 2025 11:53 AM

සියලු අලි මංකඩවල් හඳුනාගෙන උමං මාර්ග සැකසිය යුතුයි. අලි බලන්න සත්ව උද්‍යාන වලට යන්න අවශ්‍ය නෑ. දැන් ගම්වල සහ කුණුකසල බැහැර කරන තැන්වල වගේම බුත්තල මාර්ගයේ ජංගම කෑම බෙදාහරින තැන්වලටත් බලන්න පුළුවන්.!

:       0       1

ධනංජය හේරත්Thursday, 20 February 2025 12:45 PM

ඔයාගේ කතාව හරියටම හරි. මීනගයා දුම්රියේ ගැටිලා අලි හය දෙනෙක්ම මිය ගිහින් කියන ප්‍රවෘත්තිය දැකපු ගමන් මට හිතුනේ, ඒ වෙලාවේ මේ දුම්රිය මොන වගේ වේගෙකින් යන්න ඇතිද කියලා. මම දන්නා තරමින් බොහෝමයක් වන සතුන් බහුලව ගැවසෙන ප්‍රදේශ වල දුම්රිය මාර්ගයේ වේග සීමා පනවලා තියෙනවා. අලින්ට සහ අනෙකුත් වන සතුන්ට තමන්ගේ වාස භූමිවල නිදහසේ ඉන්න ඉඩ සලවන එක අපි හැමෝගෙම වගකීමක්. ඒක දුම්රිය රියදුරු මහත්වරුත් ඉතා හොඳින් සිහියේ තබා ගන්න ඕනෑ... ඒ වගේම ඊට අදාල නීති රීතිත් නිසි ලෙස සම්පාදනය වීම වගේම යාවත්කාලීන වීමත් වෙන්න ඕනෑ.

:       1       4

fairoos Thursday, 20 February 2025 11:41 AM

ඉතාම කණගාටුයි. දුම්රිය හෝන් එක දිගටම ගහගෙන ගියා නම් හරි.

:       1       0

sanath Thursday, 20 February 2025 12:41 PM

අලි මංකඩවල් වල සැලකිල්ලෙන් යන්න කිව්වට කාටවත් හැඟීමක් නෑ. පව් අපේ අලි...

:       0       4

Janii Thursday, 20 February 2025 12:45 PM

උසස් පෙළ (maths) හදාරපු කෙනෙක් නම්, එහෙම නැත්තං නැගෙනහිර මාර්ගයේ කෝච්චියක යනකොට ජනේලයෙන් බෙල්ල දාලා එළිය බලපු කෙනෙක් නම් දන්නවා මේකට වේග සීමා දැමීම කියන්නේ උත්තරයක් නෙමෙයි කියලා...

:       3       5

Hasith Thursday, 20 February 2025 01:49 PM

"ලෝකයේ විශාලම ගොඩබිම් සත්වයා . අලියා. ඉන්නෙත් රටවල් කීයක්ද ? මේක අපේ රටේ සම්පතක්. ඒත් ඒ සත්වයින් රැක ගන්න කිසිම වැඩ පිළිවෙලක් තියනවාද? ලෝකේට පරකාසේ දීගෙන සංචාරකයින්ට ඉස්සෙල්ලාම මාකට් කරන්නේ අලියාව . ඒත් මේ අහින්සක සතුන් රංචු පිටින් මිය යනවා, දුම්රියෙ ගැටිලා. වෙන රටක මේ වගේ සම්පතක් තියනවා නම්, එම මිනිසුන් කොහොම ආරක්ෂා කරයිද? ලංකාවේ ඉන්නෙම මරි මෝඩ නිලධාරින්, මේ ප්‍රශ්නට විස්තරයක් හොයන්න උවමනාවක් නෑ."

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 832 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2474 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1779 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site