(මහින්ද නිශ්ශංක)
කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා ධාවනය කෙරෙන මීනගයා නගරාන්තර දූම්රියේ ආපනශාලාව ද ඉවත් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය.
මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය කෙරෙන මීනගයා නගරාන්තර දුම්රියේ ආපනශාලාවට සීල් තැබීමේ සිද්ධියෙන් පසුව කොළඹින් පිටත් වන මීනගයා දුම්රියේ ද ආපනශාලාවද එම දුම්රියෙන් ගලවා තාවකාලිකව ඉවත් කළ බව එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය වන මීනගයා දුම්රියේ ආපනශාලාවට පෙරේදා සීල් තැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය බලධාරින් නැව බලන්නෙ නැද්ද?
මීනගයා විතරක් නෙමයි ඇල්ල ඔඩිසි එකේත් කැන්ටින් කිසිම අන්තර් ජාතික තත්වයක නෑ.
අනිත් දුම්රියන්හි ආපන ශාලා වහා පරීක්ෂා කළ යුතුයි... පරීක්ෂා කළවිට දැනගන්නට පුළුවන් වේවි සත්‍ය තත්ත්වය...!