(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මුදලේ බලයෙන් සහ ආණ්ඩු බලයෙන් මාධ්‍ය වල කුමන දුස් ප්‍රවෘත්ති පළ කළත් පාර්ලිමේන්තුවේ දී සුරංගනා ලෝක මැව්වත් අවසන් තීන්දුව ගන්නේ ජනතාව බව සජබ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ජනතාවගේ බුද්ධිය අවතක්සේරු නොකළ යුතු බව කී බාකීර් මාකර් මහතා සියලු දේශපාලන නායකයන්ගේ මෙන්ම දේශපාලන බලවේගවල පැටිකිරිය රටේ ජනතාව දැන් හොඳින් තේරුම්ගෙන තිබෙන බව සඳහන් කළේය.
කිහිප විටක්ම සටන් පාඨවලට සුරංගනා ලෝක වලට රැවටී වලේ වැටී ඇති ජනතාව දැන් අවස්ථාව ලැබෙන තෙක් බලාසිටින බව කීය.
මග හැරිය නොහැකි ප්‍රධාන මැතිවරණයන් ආසන්නයට රට එලඹෙන විට උපාය මාර්ග වෙනස් කරමින් ඡන්ද අයවැයක් ඉදිරිපත් කර තිබෙන බවද බාකීර් මාකර් මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මොන සුරංගනා කතා කිව්වත් අන්තිම තීන්දුව ගන්නෙ ජනතාව
de silva berlin Saturday, 18 November 2023 02:50 PM
ඔබතුමාව පුද්ගලිකව හමුවී නැතත් ඔබතුමා ලංකාදීප ඇතුළු වෙනත් මාධ්‍ය වලින් ප්‍රකාශ කරන අදහස් මම වසර 10 ක පමණ පටන් විශ්ලේෂණය කරනවා... ඒවා අපේ රටට ගැලපෙන ඉතා බුධිමත් නිවැරදි මතවාද... විදේශයක ජීවත්වන නිසා නිවාඩුවට ලංකාවට පැමිණි වෙලාවක ඔබතුමා හමුවීමට ලැබුණොත් භාග්‍යයක් කොට සලකනවා...
පිටරැටියා Saturday, 18 November 2023 05:35 PM
ඔබතුමා වියක්ත සිංහලෙන් කතාකරන හැටි දැකීමත් සතුටක්. ඔබ විසින් රචිත " සිතමු " පොත කියවන්න ඇත්නම්...!
NJTuesday, 21 November 2023 01:02 PM
ගොඩගේ සමාගමේ 0112685369 හෝ 011-22686925 යන දුරකථන අංකයට කතාකර තැපල් මගින් හෝ මාර්ගගත ක්‍රමයෙන් (Online) හෝ "සිතමු" ග්‍රන්ථය ගෙන්වා ගන්න පුලුවන්
Bamunuarachchi Saturday, 18 November 2023 05:45 PM
ජනතාව මොන තීන්දුව ගත්තත් ජනතාවට සහන සලසන්න බලයට එන එවුන්ට බැහැ. මේක තමයි යතාර්ථය. ජනතාව ඔවුන්ගේ lifestyle එක වෙනස් කරගත යුතුව ඇත. ඒ වෙනස් කිරීම 225න් පටන් ගමු. 225 1977 ට කලින් තිබුණ ස්ථානයේ තියමු. No වාහන, no ගෙවල් no අමතර දීමනා no පැන්ෂන්... කැමැතිනම් ගරු සේවය කරපල්ලා බැරිනම් දාලා යන්න. රටට ගරු සේවයක් කරන්න කැමැති පුද්ගලයින් ඉන්නවා.
ගොබ්බසේන Sunday, 19 November 2023 12:35 AM
69 ලක්ෂයක් ඡන්දෙ ගත්තු තුනෙන් දෙකේ බලයක් තිබුණු දූෂිත පවුල් පාලන ආණ්ඩුවක් පන්නපු එකම මදෑ. රට කරවපු දූෂිත පවුල් පාලනේ ඔවුනොවුන් දූෂිත දේශපාලුවෝ මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ නාස්තිය කරලා රට විනාශ නොකෙරුවා නම් ආසියාවේ ආශ්චර්යය, සෞභාග්‍යයේ දැක්ම කියලා බොරු රැවටිලි, කෙසේ වෙතත් සහන සලසන්න තිබුණා.
Deepal Nirosh Saturday, 18 November 2023 08:35 PM
ඔබතුමා අවංක දේශපාලඥයෙක් ලෙසයි අපේ විශ්වාසය. හැබැයි මේවා බොළඳ අදහස්. ජනතාවට තීන්දුවක් ගන්න පුළුවන් මැතිවරණයක දී විතරයි. ඉතින් මැතිවරණයක් නොලැබුණොත්? ව්‍යවස්ථාවේ මොන මොන කතා තිබ්බත් මැතිවරණය පැවැත්වීම හෝ නොපැවැත්වීම හෝ රජයේ තීරණයක් බව දැන් ඔප්පු වී හමාරයි. ඔය කා බී සභා තොමෝ සතුටින් විසිර යන නමින් ස්වාධීන කොමිසන්වලට කරන්න පුළුවන් ඉටිගෙඩියක් නම් නැහැ...!