IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මැනිං වෙළෙඳ‌සැල පාළුවට

(අංජුල මහික වීරරත්න සහ යොහාන් බාසුර)

එළවලු මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් දිවයින පුරා පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවයකට පත් වූ අතර දිවයින පුරා එළවළු වෙළෙඳ  සැල් පාළුවට ගොස් තිබෙන අයුරු දැකගත හැකි විය.

කොළඹ පෑලියගොඩ මැනිං  වෙළෙඳ සැලට පාරිභෝගිකයන් ගේ පැමිණීම සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබූ අතර එළවළු තොග ලැබී තිබුණත් ඒවා මිලදී ගන්නට පාරිභෝගිකයන් නොපැමිණීම නිසා වෙළෙඳ කුටි පාළුවට ගොස් තිබූ අයුරු දැක ගත හැකි විය. 

පෑලියගොඩ මැනිං වෙළෙඳ පොලේ (සිල්ලර මිල) බෝංචි කිලෝව රුපියල් 1100ක්, කැරට් කිලෝව 2100ක්,ගෝවා කිලෝව 750ක්,තක්කාලි කිලෝව 400ක්,බටු කිලෝව 800,වට්ටක්කා කිලෝව 200ක්,අමු මිරිස් කිලෝව 1100ක්,රතු ලූනු  කිලෝව රුපියල් 500ක් සහ විදේශීය ලොකු ලූනු කිලෝව රුපියල් 430 ක් වශයෙන් වාර්තා විය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (7)

මැනිං වෙළෙඳ‌සැල පාළුවට

Muthu Wednesday, 17 January 2024 05:12 PM

මේ ලංකාවේ ආර්ථිකේ හරස්කඩක්. අද ඩොලර්වලට ඉල්ලුමක් නෑ. රට දේශීයව දුප්පත් වුණාම ඩොලර් ඉල්ලුම නැතිවෙනවා. ආර්ථිකය සකෝචනය වෙනවා. ජාතික ආදායම ගණනය කරන්න දෙයක් නෑ අමුතුවෙන්. ලෝකේ මෙච්චර භයානක අඩියකට වැටුණු වෙන රටක් නෑ. කෙනෙක් කියනවා සිම්බාබ්වේ උද්ධමනය ගැන. උද්ධමනය කියන්නේ ඉල්ලුම, සැපයුම වගේ ආර්ථික දත්තයක්.... හරියට කාර් එකක ස්පීඩ් එක වගේ. ස්පීඩ් එක වැඩි වුණොත් එළවන කෙනා ඉතා දක්ෂයෙක් වෙන්න ඕනෑ. නැත්නම් ඕනෑනම් ෆුට් සයිකලේටත් අයින් කරගෙන හෝ තල්ලු කරගෙන යන්නත් පුළුවන්... හැබැයි දක්ෂයෝ ඉන්න රටවල් වේගෙන් අපි පහුකරගෙන යනවා. අපි වේගෙන් හිඟාකනවා.. ලෝකේ වටෙන්ම. එච්චරයි අපිට පුළුවන්...!

:       5       82

PriceWednesday, 17 January 2024 06:18 PM

මේ එළවලු මිල ඉහළ ගිහිල්ලා තියෙන්නේ මාස 3 නොකඩවා වැස්ස නිසා, රටේ ජනාධිපති කවුරු හිටියත් ඕක තමයි... මිල තමයි...!

:       65       23

fairoos Wednesday, 17 January 2024 05:35 PM

රට මේ තත්වයට පත්කරපු නන්දසේන සහ නඩයට නම් හොඳක් සිදුවෙන්නේ නෑ...

:       23       53

සමන් විමල් Wednesday, 17 January 2024 06:01 PM

රට මේ තත්වයට පත්කළේ පරගල නඩය හා නානලා...

:       49       24

JayasekaraThursday, 18 January 2024 09:40 AM

ඔව් උනුත් මෙකට මුලින්ම වගකියන්න ඕන

:       3       2

රංබොඩ Wednesday, 17 January 2024 06:27 PM

පසුගිය කාලයේ ඇද හැළුණු අනපේක්ෂිත වර්ෂාව නිසා ගොවිතැන් වලට හානිවුණා. අතරමැදියා ඒ අස්සේ තම සාක්කු පුරවා ගන්නවා. ගොවියාගෙන් කෙලින්ම පාරිභෝගිකයාටත් නිෂ්පාදන ගලායන තුරු රටේ නිෂ්පාදනය කරගන්න දෙයක්වත් සාධාරණ මුදලකට පාරිභෝගිකයින්ටත් යන්නේ නෑ...!

:       6       60

Ranjith Thursday, 18 January 2024 08:49 PM

රනිල්ගේ පිනට මහ වැහි වැහැලා ගම් බිම් යටවෙලා වගාබිම් යටවෙලා ජලාශ පිරිලා ලයිට් බිල අහස උසට වැඩිවෙලා... ඒ නිසා රනිල්ගේ පිනට කැරට්මිල... රත්‍රන් ගණන් වෙන්නේත් රනිල්ගේ පිනට තමයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 21 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site