(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මාධ්‍යවේදීන් සඳහා පාර්ලිමේන්තුවෙන් සැපයුණු තේ වෙනුවෙන් අය කෙරෙනු මුදල සිවු ගුණයකින් ඉහළ දමා ඇත.
මාධ්‍යවේදීන්ගේ තේ සඳහා මෙතෙක් අය කෙරුණේ රුපියල් 25 ක මුදලකි.මේ අනුව එම මුදල රුපියල් 100ක් දක්වා වැඩි වනු ඇත. මාධ්‍යවේදීන්ගේ තේ වෙනුවෙන් අය කෙරුණු මුදල මෙසේ සිවූගුණයකින් ඉහළ දමා ඇත්තේ පාර්ලිමේන්තු සේවකයන්ට මුළු මාසයටම ආහාර තේ පැන් සහ වෙනත් සියලු පහසුකම් වෙනුවෙන් රුපියල් දහසක පමණ මුදලක් අය කරන අවස්ථාවක වීම විශේෂත්වයකි.
මාධ්‍යවේදීන්ගේ දිවා ආහාර වේලේ මිලද පසුගිය මාසයේ සිට රුපියල් එකසිය පනහක් දක්වා වැඩි කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තු කැන්ටිම නොහොත් දන්සල ගැන දැන්වත් එළි කරන්න. ටික ටික දාන්නේ ඇයි? තේ එකේ ගාණ අපි වැනි සාමාන්‍ය මිනිස්සු කඩේකට ගෙවන ගානට සමාන වුන නිසා නේද? නැත්නම් සද්ද නෑ.
මොනතරම් හිඟන්නෝ ටිකක්ද පාර්ලිමේන්තුවේ ඉන්නේ .බලන්නකෝ රජයේ ඉස්පිරිතාලයක කැන්ටිමෙන් ලෙඩෙක්ට කෑමක් එහෙම ගන්න යන වියදම .ලැජ්ජයි උඹ ගැන ඇත්තටම .හිරිකිතයි උඹලාගේ වැඩ
අපෙන් මැරිලා මැරිලා ගන්න පඩියට වක්‍ර බදු, ඍජු බදු වලින් කොල්ල කාලා , පාර්ලිමේන්තුවේ ඉන්න හරක් ටයි , උන් බලන්න යන මාධ්‍යවේදීන්ටයි නොමිලේ කන්න දෙන්නේ මොකටද ? යන වියදමට ලාභයක් එකතු කරලා සියලු දෙන්න. ඔයාලට ආතල් ගන්නයි , අපි මැරිල මැරිලා බදු ගෙවන්නයි දෙකක් බැහැ සරලයි.
ඒ කියන්නෙ මෙයාලාත් අඩු ගානට කාලා බීලා දැන් ඉහළ දැම්මාම තමයි අරගොල්ලන්ට මෙච්චර දෙනවා කියලා කල්පනා වෙලා තියෙන්නේ.
හොඳ වැඩේ දැන් උඹලාවත් එලිකරපල්ලා ඔකුන්ගේ හොර වැඩ
ෂුවර් එකටම "කසළ" තේ වෙන්න ඇති නේද ඇන්-ටී....!
මාද්‍යවේදීන් කියන්නේ අමුතු ජාතියක් නොවෙයි.
ඉතාමත්ම හොඳ තීරණයක්.. කෑමට බීමට පෙරේතකමින් එක එකාට මුට්ටි අල්ලමින් පාදඩ ජඩ මඩ වලේ පිනුම් ගහන එවුන්ට ඔහොම වෙලා මදි. ඔය ගාන තව වැඩිකළ යුතුයි!!
ඈ බොල ජූලියෝ තෝත් රු.25 ට ෂෝට් ඊට්ස් කාලා තේ බ්බීද මෙච්චර කල් ජනතාව වෙනුවෙන් කතා කරේ. අනෙත් එක රු.150ට බත් තියෙන්නේ තොහෙද ජුලියෝ.
එක එක වරප‍්‍රසාද ගැන කිය කියා මහජනතාවගේ මුදල් අවභාවිතා කරනවා. අවසානෙ බදු ගෙවන්නෙ අසරණ අපි. මාධ්‍යවේදීන් විතරක් නෙමෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද නියමිත මිළ ගෙගෙවන ක්‍රමයක් සැකසිය යුතුයි.
මාසෙකට රුපියල් 1000 කන්න මාද්‍යකාරයෝ ගෙදර උන්දලවත් පාර්ලිමෙන්තුවට ගෙනෙයි. කන්න නැතුව බඩගින්නේ ඉන්න මිනිස්සු ඉල්ලපු හෙන තමයි ඔය රටටම වැදිලා තිබෙන්නේ