(කවිතා සුබසිංහ)
මාධ්‍යවේදීන් පිරිසකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනෙකු හෙට (12) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මහර වැඩ බලන මහේස්ත්‍රාත් වසන්ත රාමනායක මහතා අද (11) නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ එම්.වී හශාන් තාරුක සහ වජිර ලසන්ත කැප්පෙටිපොළ යන අයවලුන්ය.
ජලයට පෙට්‍රල් මුසු වීමක් සම්බන්ධයෙන් කඩවත ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හලකින් තොරතුරු විමසීමට ගිය ප්‍රදේශීය මාධ්‍යවේදීන්ට බාධා කරමින් පහර දීමක් සිදුකිරීම සම්බන්ධයෙන් ඉකුත් 10 වැනිදා එම මාධ්‍යවේදීහු විසින් කඩවත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
ඒ අනුව සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු කඩවතදී අත්අඩංගුවට ගෙන අද (11) මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේන් පසුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැරවරයින් හිතනවා ඇති සමහරවිට දැනුත් ඉස්සර වගේ මාධ්‍යවේදීන්ට ගහන චාරිත්‍රය පටන් ගත්තට කමක් නැහැ කියලා. වහල්ලු නම් කියවන්න පටන් ගනී. මේකට ආණ්ඩුව සම්බන්ධ නැහැ කියලා... ඇත්ත, මේකට ආණ්ඩුව කිසිම සම්බන්ධයක් නැති බවත් හුදෙක්ම පෞද්ගලික දෙයක් බවත් ඕනෙ කෙනෙකුට පේනවා. රජය කළ යුත්තේ මහජන විශ්වාසය රැකෙන පරිදි නීතිය ක්‍රියාත්මක කිරීමයි.