IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මධ්‍යම පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

(මොහොමඩ් ආසික්)

මධ්‍යම පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ ඊ ආදායම් බලපත්‍ර පරිගණක පද්ධතියේ සිදු කරනු ලබන වැඩිදියුණු කිරීම් හේතුවෙන්  මේ මස 27 වනදා සිට ඔක්තෝබර් මස දෙවනදා දක්වා  පළාතේ කිසිදු කාර්යාලයකින් වාහන බලපත්‍ර නිකුත් නොකරන බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ජී.එච්‍.එම්.ඒ. ප්‍රේමසිංහ මහතා මාධ්‍ය  නිවේදනයක් මගින් දන්වා සිටියි.

එම මාධ්‍ය  නිවේදනයේ තව දුරටත් සඳහන් වන්නේ ,ඊ ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිගණක පද්ධතිය මගින් දැනට එක් පළාතක් සඳහා පමණක වාහන බලපත්‍ර නිකුත් කිරීම සිදු වුවත්  ඉදිරියේදී දිවයිනේ සියලුම පළාත් සඳහා ක්‍රියාත්ම කිරීමට යෝජිත බවයි.

ඒ සඳහා පරිගණක පද්ධතිය මේ වන විට වැඩි දියුණු කරමින් පවතින බවත් ලබන ඔක්තෝබර් මාසයේ තුන් වනදා සිට දිවයින පුරා මෙම වාහන බලපත්‍ර නිකුත් කිරීම ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ලේකම්වරයා කියයි.



අදහස් (0)

මධ්‍යම පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site