( ෂේන් සෙනෙවිරත්න )
මධ්‍යම පළාතේ සියලු පාසල් සංවිධානය කරනු ලබන උත්සව හතකට පමණක් සීමා කරන ලෙස දන්වමින් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක මේනක හේරත් මහතා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කොට තිබේ .
මධ්‍යම පළාත් සභාවට අයත් පාසල් සහ ජාතික පාසල් වලට මෙම චක්‍රලේඛය නිකුත් කොට ඇත්තේ විවිධ උත්සව සංවිධානය කරමින් ඇතැම් පාසල් මගින් දෙමව්පියන්ගෙන් මුදල් එකතු කරන බවට ලද පැමිණිලි සැලකිල්ලට ගනිමිණි .
එම චක්‍රලේඛයට අනුව පළමු වාරයේදී උත්සව තුනක් ද දෙවන හා තෙවන වාරවලදී උත්සව හතරක් ද පැවැත්වීමට අවසර හිමිවන අතර ඊට අමතරව කිසියම් උත්සවයක් පවත්වන්නේ නම් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගෙන් අවසර ගත යුතුව ඇත .
පළමු වාරයේදී ළමුන් ඇතුළත් කර ගැනීමේ උත්සවය, නිදහස් උත්සවය සහ නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවය පැවැත්වීමට අවසර හිමිවන අතර දෙවන හා තෙවන වාරවලදී අධ්‍යාපන චාරිකාව, කලා උළෙල, වර්ණ ප්‍රධානෝත්සවය හා වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය පැවැත්වීමට අවසර හිමි වනු ඇත .
සංගීත සංදර්ශන, ගුරු උපහාර ඇතුළු විවිධ සැමරුම් උත්සව සංවිධානය කරමින් විදුහල්පතිවරුන් ඇතුළු විවිධ කණ්ඩායම් සීමාවකින් තොරව දෙමව්පියන්ගෙන් මුදල් එකතු කරන බවට ලද පැමිණිලි වලට අනුව එම චක්‍රලේඛය නිකුත් කොට තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු මේ නිලධාරියා වගේ වැඩ කරන්න ඕන. එම පාසල් සිසුන්ගේ පෞද්ගලික උපකාරක පන්ති නතර කිරීමටද ඔහුට හැකි විය. ඔබ දක්ෂයි. අධ්‍යාපන ඇමතිකමවත් අඩුම තරමේ ලේකම්කමවත් ගන්න බැරිද. පාසල්වල සිදුවන සියලුම අක්‍රමිකතා නවතා දැමීමට ඔබට හැකිවනු ඇතැයි මට විශ්වාසයි.
හැටන් කලාපයේ එක් පාසලක රාත්‍රී ක්‍රීඩා උත්සවයක් පැවත්වීමට යැයි කියා බලහත්කරයෙන් මෙන් මුදල් එකතු කරමින් සිටී. (රු. 5000/=), ආර්ථික අපහසුතා නිසා හෝ දෙමාපියන්ට මුදල් දීමට නොහැකි උවහොත් විදුහල්පතිවරයා හා ඇතැම් ගුරුවරුන් දරුවන්ගෙන් සෘජුව පලි ගනී. ගියවර අත්දැකීම් අනුව එය එසේය...