IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මධ්‍යම තැපැල් හුවමාරුවේ වර්ජනයක්

(යොහාන් භාසුර)


මධ්‍යම තැපැල් හුවමාරුව පිහිටි ගොඩනැගිල්ලේ විදුලි සෝපානය අක්‍රීය වී වසරකට ආසන්න කාලයක් ගතවුවද එය අලුත්වැඩියා නොකිරීමට විරෝධය දක්වමින් අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.


එම විදුලි සෝපානය අක්‍රීය වූ දිනයේ සිට තැපැල් ගෙනයෑමේදී තැපැල් සේවකයන් දැඩි අපහසුතාවට පත්වන බවත් ඒ පිළිබඳව බලධාරීන් අවස්ථා රැසකදී දැනුවත් කළ ද පියවරක් නොගත් බවත් එම ප්‍රකාශකයා කීය.


මෙම පැය 24 ක සංඛේත වැඩවර්ජනය හරහා තැපැල් බලධාරීන්ගේ අවදානය විදුලි සෝපානය වෙත යොමු කිරීමට බලාපොරොත්තු වන බව කී එම ප්‍රකාශකයා එසේ නොවුණ හොත් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද සඳහන් කළේය. 



අදහස් (2)

මධ්‍යම තැපැල් හුවමාරුවේ වර්ජනයක්

Lalla Monday, 11 March 2024 09:19 AM

ඒ ගොඩනැගිල්ල ජරාවාස වෙලා. තැපැල්පතී තුමා දොයියගෙන ඉන්නව වගේ.....

:       0       1

Chandana Monday, 11 March 2024 11:13 AM

ඇයි අනේ සෝපානය අලුත්වැඩියා කරන එක දෙපාර්තමේන්තුවේ වැඩක් නේ ,හරියට තැපැල් අධික ලාබ ලබන ආයතනයක් වගේ නේ මෙයාලා මේ චන්ඩි පාට් මිනිසුන්ට දාන්නේ ,තැපැල්පතිව අල්ලගන්නේ නැතිව

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site