
(යොහාන් භාසුර)
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදිකිරීම් කඩිනම් කරන්නැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා උපදෙස් දුන්නේය.
කඩවත සිට මීරිගම දක්වා වන කොටස හැකි ඉක්මණින් ජනතා අයිතියට පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලාපොරොත්තු වන බවත් නියමිත දිනට වැඩ අවසන් කිරිම සඳහා දැන් සිටම සැලසුම් කළ යුතු බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඉදිකිරීම්වල ප්‍රමාදයක් පවතින්නේ නම් රාත්‍රී ද වැඩකර නියමිත දිනට වැඩ අවසන් කිරිමට සැලසුම් සකස් කළයුතු බවත් එසේ නොවුණ හොත් අවසන් කාලය වන විට වැඩ නිම කිරීමට නොහැකි තත්වයක් ඇති විය හැකි බවත් අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාක්කුවට සහනයක්... කඩවත සිට මීරිගමට රුපියල් 400ට වඩා වැඩිපුර පෙට්‍රල් පිච්චෙනවා. කාලයත් ඉතුරුයි...
මේක රජයේ වැඩක්
ඒ අතරම කුඹුරු විනාශ නොකිරීමටත් ගංවතුර තත්වයක් ඇති නොකිරීමට අවශ්‍ය ප්‍රමාණයට බෝක්කු දැමීමටත් වග බලාගන්න. කලබලයට කළාට විතරක් මදි...