
(තිලකරත්න දිසානායක)
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන කොටසෙහි ඉදිකිරීම් කටයුතු නියමිත පරිදි අවසන් කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත.
පවතින අපහසුතාවයන් මත ව්‍යාපෘතිය නතරවිය හැකි තත්ත්වයක් පවතින බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
කඩවත සිට මීරිගම දක්වා වන කිලෝ මීටර් 37 ක දුරින් යුත් කොටසෙහි ඉදිකිරීම් 2024 වර්ෂය වනවිට මුලුමනින්ම අවසන් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් කොට තිබූණත් රටෙහි උද්ගතව ඇති තත්ත්වය මත මූල්‍ය ප්‍රතිපාදන මෙන්ම ඉන්ධන නොමැතිකම සහ අවශ්‍ය පස් ආදිය සපයා ගැනීමේ ගැටළුව හේතුවෙන් කටයුතු පමාවීමට හේතුවී ඇති බව කළ සොයා බැලීමේදී අනාවරණය විය.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් කඩවත - මීරිගම ව්‍යාපෘති අධ්‍යක්ෂ නලින් ද රත්නායක මහතාගෙන් දුරකථනයෙන් කළ විමසිමේදී සදහන් මෙසේ සඳහන් කළේය.
ව්‍යාපෘතියෙහි මේ වනවිට සියයට 45 ක ප්‍රගතියක් තිබිය යුතු නමුත් පවතින තත්ත්වය මත දැනට පවතිනනෙ සියයට 30 ක පමණ ප්‍රගතියක්. විශේෂයෙන්ම පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් කටයුතු නිසියාකාරයෙන් සිදු වන්නේ නෑ.
ඉන්ධන සපයා ගැනීම පිනිස ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ඉන්දියානු තෙල් සමාගම සමග සාකච්ඡා කරමින් සිටින බව සඳහන් කළ අධ්‍යක්ෂවරයා , මෙම ව්‍යාපෘතිය නියමිත කාලය තුල අවසන් කිරීමට නොහැකි තත්ත්වයක් උදාවුවහොත් ඒ වෙනුවෙන් ඉදිකිරීම් භාර මෙට්රෝ ලොජිකල් කෝපරේෂන් චයිනා සමාගමට අතිවිශාල මුදල් ප්‍රමාණයක් ප්‍රමාද ගාස්තු ලෙස ශ්‍රී ලංකා රජයට ගෙවීමට සිදු විය හැකියි. නියමිත කාලය තුල ව්‍යාපෘතිය අවසන් කිරීම පිනිස අවශ්‍ය පහසුකම් සලසාදීම වියයුතුයි.
මෙම ව්‍යාපෘතිය සදහා චීනයේ එක්සිම් බැංකුවෙහි සහන ණයක් යටතේ රුපියල් බිලියන 158 ක මුදලක් වැය කෙරෙන අතර මාර්ග සංවර්ධන අධිකාරියෙහි අධීක්ෂණය මත ඉදිකිරීම් සිදු වෙමින් පවතී.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
G 20 සමුළුවේදී, IMF අධ්‍යක්ෂතුමිය විසින් දුර්වල ආර්ථික කළමනාකරණය නිසා ඇද වැටුණු රාජ්‍ය ලෙස උදාහරණයට ගෙන තියෙන්නේ අපේ ලංකාවයි. ඔය අධිවේග අපට නොගැලපෙන ව්‍යාපෘති. තනිකර දේශපාලකයින් පුම්බන වැඩ..! ඕවා පස්සේ නිලධාරිනුත් ඉන්නවා. අද අපි පස්ස බිම ඇනගෙන. කොළඹ - අවිස්සාවේල්ල ලෝ ලෙවල් පාර පුළුල් කිරීම ඉතාමත් වැඩදායී ව්‍යාපෘතියක් වුවත් එයත් මගහිටපු බවක් පෙනෙනවා...!
"මෙම ව්‍යාපෘතිය නියමිත කාලය තුළ අවසන් කිරීමට නොහැකි තත්ත්වයක් උදාවුවහොත් ඒ වෙනුවෙන් ඉදිකිරීම් බාර මෙට්රෝ ලොජිකල් කෝපරේෂන් චයිනා සමාගමට අතිවිශාල මුදල් ප්‍රමාණයක් ප්‍රමාද ගාස්තු ලෙස ශ්‍රී ලංකා රජයට ගෙවීමට සිදුවිය හැකියි." එතකොට පාඩු වෙන්නේ චීන සමාගමට නේද?
මෙම ණය මුදලින් විශාල ප්‍රමාණයක රෙජීමය විසින් ගසාකමින් සිටින බැවින් නවතා දැමීම සුදුසුය.