සිලිකන් වැලි බැංකුවේ කඩා වැටීම පිළිබඳ මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයක් නොසළකා හරිමින් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊයේ (13) පැවති මාධ්‍ය හමුවක් අතරමැද නවතා දමා පිටව ගොස් ඇත.
සිල්කන් බැංකුවේ කඩා වැටීම ඇමෙරිකා එක්සත් ජනපදයේ අනෙක් බැංකු වලට බලපෑමක් එල්ල කරාවි දැයි මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේ එම ප්‍රශ්නයට පිළිතුරු නොදී ජනාධිපති ජෝ බයිඩන් මාධ්‍ය හමුව නවතා දමා පිටව ගොස් තිබේ.
ධවල මන්දිරයේ යූ ටියුබ් නාලිකාවට මාධ්‍ය හමුවේ වීඩියෝව ඇතුළත් කර ඇත. එම වීඩියෝව මිලියන 4 ක් නරඹා තිබේ.මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්නයට පිළිතුරු නොදෙමින් ජනාධිපති බයිඩන් මාධ්‍ය හමුව අතරමැද පිටව යෑම පිළිබඳව විවේචන විශාල ප්‍රමාණයක් එල්ල වී තිබේ.විවේචන එල්ල වීම පාලනය කිරීමට නොහැකි වීම නිසා යූ ටියුබ් නාලිකාවේ ඇති වීඩියෝවට ප්‍රතිචාර දැක්වීමට ඇති අවස්ථාවද ධවල මන්දිරය විසින් අවහිර කරනු ලැබ ඇත.
යූ ටියුබ් නාලිකාව තුළ ප්‍රතිචාර දැක්වීම ධවල මන්දිරය අවහිර කරනු ලැබුවත් ට්විටර් සමාජ මාධ්‍ය තුළ ජෝ බයිඩන්ට විශාල ලෙස විවේචන එල්ල වෙමින් පවතී.මාධ්‍ය හමු අතරමැද ජෝ බයිඩන් පිටව යාම සාමාන්‍ය දෙයක් වූවත් බැංකු පද්ධතිය පිළිබඳ නැගූ ප්‍රශ්නයට පිළිතුරු නොදීම හේතුවෙන් මෙසේ විවේචන එල්ල වී ඇත.
ගණුදෙනුකරුවන් විශාල වශයෙන් තම තැන්පතු ආපසු ලබා ගැනීමේ පසුබිමක සිලිකන් වැලි බැංකුව පැය 48 ක් තුළ කඩ වැටුණි. නමුත් සිලිකන් වැලි බැංකුවේ කඩා වැටීමට මුල් වූ සැබෑ හේතුව වසර කිහිපයක් ආපස්සට දිව යන බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.අනෙක් බැංකු මෙන් සිලිකන් වැලි බැංකුවද අවම පොලී අනුපාත (සියයට 0 තරමක් වැඩි) යටතේ ඩොලර් බිලියන ගණනක් රාජ්‍ය බැඳුම්කර වල ආයෝජනය කර ඇත.
එම අවස්ථාවේ මෙය ආරක්ෂාකාරී තීරණයක් වූවත් උද්ධමනය පාලනය කිරීම සඳහා පොලී අනුපාත ඉහළ දැමීමත් සමඟ බැඳුම්කර වල මිල පහත වැටී තිබේ.පොලී අනුපාත ඉහළ යාම සිලිකන් වැලි බැංකුවේ බැඳුම්කර වල වටිනාකම පහත දමා ඇත.
පොලී අනුපාත ඉහළ දැමීම හේතුවෙන් සමාගම් වලට ණය ණය ගැනීමේදී ඉහළ පොලියක් ආපසු ගෙවීමට සිදුව තිබේ. ඒ හේතුවෙන් සමාගම් තම තැන්පතු ආපසු ගැනීමට පෙළඹී ඇති අතර සිල්කන් වැලි බැංකුවට නව ප්‍රාග්ධන අවස්ථා සොයගැනීම අපහසු වී ඇත.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මාධ්‍ය හමුව අතරතුරේ බයිඩන් යයි
ravin Tuesday, 14 March 2023 02:26 PM
අපේ අයටයි මේ කියන්නේ .හොඳ පාඩම් හොඳ පාඩම් මේවා නුඹලාට හොඳ පාඩම්