(නාලක සංජීව දහනායක)
තම පාලන කාලය තුළදී රටේ මාධ්‍ය නිදහසට කිසිඳු බලපෑමක් එල්ල නොකර බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (12) පැවැසීය.
ඕනෑම සාධාරණ විවේචනයකට ඉඩ ඇති අතරම රටට සහ රටේ කීර්තිනාමයට හිතකර මාධ්‍ය මෙහෙවරක නිරත වෙමින් රටට විය යුතු වගකීම් ඉටුකිරීමට සියලූම මාධ්‍ය ආයතන කටයුතු කරනු ඇතැයි තමන් අපේක්‍ෂා කරන බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හා මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
දේශපාලනඥයන්ගේ සහ රාජ්‍ය ආයතන නිලධාරීන්ගේ කාර්යක්‍ෂමතාවය ඉහළ නැංවීම, දූෂණය පිටුදැකීම සහ ආර්ථික සංවර්ධනය වැනි තම අරමුණු ජයගැනීම සඳහා මාධ්‍යයේ සහයෝගය නොවඩුව තමන් වෙත ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කරන බවද ජනාධිපතිවරයා කීය.
එමෙන්ම ජාත්‍යන්තර වශයෙන් ආයෝජන හා ආර්ථික සබඳතා ගොඩනැගීමට රටේ ප‍්‍රතිරූපය ඉතාම වැදගත්වන බව කී ජනාධිපතිවරයා රටේ ප‍්‍රතිරූපය ගොඩනැගීම සදහා මාධ්‍යයට පුළුල් වගකීමක් පැවැරෙන බවද සඳහන් කළේය.
ආන්දෝලනාත්මක ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියට අදාළ සිදුවීම ජාත්‍යන්තර මාධ්‍ය අනවශ්‍ය ආකාරයට උළුප්පා දැමීමට ගත් උත්සාහය සම්බන්ධයෙන් තම කණගාටුව පළකළ ජනාධිපතිවරයා එම සිදුවීමේදී මෙරට මාධ්‍යයේ හැසීරීම සම්බන්ධයෙන් තම ප‍්‍රසාදයද පළ කළේය.
එමෙන්ම නගර අලංකරණ කටයුතු මෙන්ම රට පුර නිර්මාණය වී ඇති චිත‍්‍ර ඇදීමේ රැල්ල පිළිබඳව මෙහිදී මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් දැනුවත් කළ ජනාධිපතිවරයා එය කිසිවකුගේ ඉල්ලීමක් අනුව සිදුවූවක් නොව රටට ආදරය කරන තාරුණ්‍යය අතරින්ම බිහිවූ නිර්මාණශීලී වැඩපිළිවෙළක් බවය.
කෙසේ වෙතත් රටට ආදරය කරන එම කණ්ඩායම් දිරි ගැනීවීම් මාධ්‍යයේ දායකත්වය නොවඩුව ලැබීමේ වැදගත්කම ද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මහත්තයාගේ කාලේ එහෙම කරපු අයව අල්ලන්න ඕනේ එතුමාට අවුරුදු 10 වත් ඉන්න බැරි වුණානේ ඕව නිසා
ඇත්තටම අවංක උවමනාවක් ඔබට තියේනම් රට ගොඩගන්න ඔබ කළ යුතුව තියෙන්නේ ඉක්මනටම අපේ මිනිරන් black gold පිරිසිදු කරන්න ආයෝජකයන් ගෙන්වන්න1 kg ඩොලර් 1,0000 සිට 25,000 ක් දක්වා විකුනන්න පුළුවන්. ඒවගේම පුල්මුඩේ ඉල්මනයිට් නිධියටත් එහෙම කරන්න එහෙම කලොත් අවුරුදු 2න් රට ගොඩ. ඔය කොහෙන්වත් හිඟා කන්න ඕනේ නැහැ
කාලයක් මේ රටේ ජනමාධ්‍ය ව්‍යාපාරය කරගෙන ගිය හැටි අපිට අමතක නැහැ. තමුන්ට කඩේ යන හෙන්චයියන්ට තනතුරු දීලා මාධ්‍ය ආයතන පවා දේශපාලනීකරණය වෙලයි තිබුනේ.
බලපෑම් කරන්න දෙයක් නැහැ. ඒ ගොල්ලෝ ස්වේච්චාවෙන්ම ඕනෑ දේ ඕනෑවටත් වැඩියෙන් කරලා දෙනවනේ.
ඉස්සර දාපු සෙල්ලම් දැන් කිසිම ලොක්කෙකුට දමන්න බැහැ. ජනමාධ්‍ය නිදහස යහපාලනයෙන් ලබා දීලා මිනිසුන්ගේ අයිතිවාසිකම් කතා කරන්න ඒ තැන ලබා දීලා තමයි ඒ අය ගෙදර ගියේ.
එහෙම තමයි වෙන්න ඕනා, හැබයි දැනටමත් දේශපාලන බලය පාවිච්චි කරලා නව රජයේ දෙතුන් දෙනෙක් මාද්යවේදීන්ට ප්‍රහාර එල්ල කරලා තියෙනවා. බලමු ඔය කියමන කොයි තරම් දුරට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරාවිද කියලා.
පළමුවෙන්ම දැනට තහනම් කරලා තිබෙන විද්‍යුත් මාධ්‍ය වල තහනම ඉවත් කරන්න. ඊළඟට රාජ්‍ය මාධ්‍ය ආයතන ස්වාධීන කරන්න. ඕනෑම කෙනෙකුට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ඉඩදෙන්න. "ඕනෑම සාධාරණ විවේචනයකට ඉඩ ඇති" බව කියන එක ප්‍රශ්නයක්. කොහොමද විවේචන සාධාරණද අසාධාරණද කියල තීරණය කරන්නේ?