
(සුමතිපාල දීයගහගේ සහ උණවටුන ඩී.ජී සුගතපාල)
ගාල්ලට නිරිත දෙසින් ගැඹුරු මුහුදේදී විදේශීය නෞකාවක හැපීමෙන් අනතුරට පත් නිහතමානී 1 නැමැති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් හත්දෙනාගෙන් වෙනත් බහුදින ධීවර යාත්‍රාවක් මගින් මුදවා ගත් ධීවරයින් සිව්දෙනා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ගජබාහු නෞකාව විසින් අද ( 05 )වැනි දා ගාලු වරාය වෙත රැගෙන ආවේය.
පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා එම ධීවරයින් සිව්දෙනා කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුළු කළ බව නාවික හමුදාවේ මාධ්‍ය අධ්‍යක්ෂ කපිතාන් ගයාන් වික්‍රමසුරිය මහතා පැවසීය.
අනතුරට පත් බහුදින යාත්‍රාවේ සිටි ධීවරයින් හත්දෙනාගෙන් තිදෙනෙකු අතුරුදන්ව ඇත.
පසුගිය 25 වන දින ධීවරයින් හත් දෙනෙකු රැගෙන ගාලු වරායෙන් පිටත්ව ගොස් ඇති නිහතමානී 1 නැමැති බහුදින ධීවර යාත්‍රාව ගාල්ලට නිරිත දෙසින් නාවික සැතපුම් 271ක් ( කිලෝ මීටර් 501 ක් ) ඈතින් ගැඹුරු මුහුදේදී මෙම බහුදින ධීවර යාත්‍රාව විදේශීය නෞකාවක හැපීමෙන් එම යාත්‍රාවේ සිටි හත්දෙනාගෙන් තිදෙනෙකු අතුරුදන්ව ඇත.
(ඡායාරූප : සුමතිපාල දීයගහගේ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd