
(යොහාන් භාසුර)
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දින සියයක් රඳවා තබාගැනීමෙන් පසුව විරෝධතාවක් සංවිධානයේ කිරීමේ චෝදනාවට රිමාන්ඩ් බන්ධනාගාරත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුකරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලමින් ‘හෘදසාක්‍ෂිය’ යන තේමාව යටතේ දිවුරුම් ප්‍රකාශ 1000 ක් අස්සන් කිරීමේ ව්‍යාපාරයක් අද (9) පස්වරුවේ ගාලුමුවදොරදී පැවැත්විණි.
ගාලුමුවදොරට පැමිණ සිටි පිරිස එහිදී අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා දිවුරුම් ප්‍රකාශවලට අස්සන් තැබූහ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වයසට මොන ශිෂ්‍යද. දැන් හොඳ උපාධිධාරී රැකියාවක් , ඉස්කෝලෙ යන වයසෙ ළමයෙක්, ඉන්න ඕන. ඒක හැමෝගෙම වගේ ඔබගෙ මව්පිය නෑයොන්ගෙත් බලාපොරොත්තුවක් . අවුරුදු පහ හය කැම්පස් එකේ රිපීට් වෙවී උපාධිය පෙනෙන මානයේවත් නැතුව , කාටවත් කඩේ යමින් අහිංසක අපේ බදු මුදල් අවභාවිත නොකර දැනුවත් මහපොළොවට පය ගැහුව නම් හොඳයි.
වැඩකට නැති වැඩ.. ඉතින් මුන්ට රස්සාවල් තියෙනවද ? ඔවුන් තම ජීවිතය තබා ගන්නේ කෙසේද?
මිනිහෙක් හොඳට කාලා බීලා ඇඳලා ඉන්නවා බලන්න බැරි අය කොහොමද රට ගොඩගන්නේ...? මේ වගේ අය එළියට දාන්නම එපා...
නොමිලේ ලැබෙන අධ්‍යාපනය මැනවින් ලබා ගැනීම මූලික යුතුකම කි. එය පැහැර හැර, රට හදන්නට බැරිය. අවසාන ඉලක්කය අනිත් දරුවන් ගේත් අධ්‍යාපනය කඩාකප්පල් කරමි අන්තවාදී දේශපාලනයක යෙදීමය.
බලන් ඉඳපන් උඹලගේ පෙත්සම් වලට බයේ වැදී කොල්ලා ගෙදර එවාවි. උඹලා කියන විදිහට රට පාලනය කොරන්න බැහැ. ඕකුන් ඒ කාලේ ඉඳන්ම කරපු දේවල් අපි දැක්ක. ඕකුන් ඔය කඹුරන්නේ ජෙප්පන්ට.
රඳවා ගැනීමේ දින 100 ය 500ය කරනවා කියන්න නම් මමත් අත්දෙකෙන්ම අත්සන් කොරනවා.
තවමත් අපේ රටෙ කුහක ආත්මාර්තකාමින් ඉන්නව කියල මෙකෙ දාන පොස්ට් වලින් ම පේනව.. පත්තරෙත් කුහකයන්ව විතරක් ප්‍රොමොට් කරනව කියලත් අපි දනන්ව.. එගොල්ලන්ට කිරියෙන් පැනියෙන් උතුරනව ඇති..එකනෙ මුදලිගෙ ගෙ දිග පලල ගැන කතා කරන්නෙ. .මුදලිගෙ කියපු දේවල් ගැන, මුදලිගේව හිර කරගෙන ඉන්න ඇත්ත හේතුව ගැන. . කතා නොකර... . අපිටත් මෙ රට ගොඩ ගන්න වෙලා තියෙන්නෙ මෙ කුහකයොත් එක්කම කියන එකත් දුකක්. .
ලංකාවේ කුහකයෝ පිරිලා. රොත්ත පිටින් මුහුදට පනින්න වෙන දවසට කුහකයන්ට තේරේවි.