(සුමිත් පොතුපිටිය)

කළුතර සේරුපිට ප්‍රදේශයේ පදිංචිව සිටි ශ්‍රවන සහ කතන ආබාධිත පුද්ගලයකු තියුණු ආයුධයකින් ගෙලකපා ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර සේරුපිට කොළඹගේ වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී තුයියලාගේ ඩොනල් පියරත්න නමැති පුද්ගලයකු බව පොලිසිය කීය.

ඝාතනය සම්බන්දයෙන් සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු බීමතින් සිටින බවත් වාර්තාවේ.

සැකකරු ඝාතනයට ලක්වූ පුද්ගලයාගෙන් ණය මුදලක් ලබාගෙන ඇති බවත් , එම ණය මුදල ඉල්ලුම් කර මීට ඉහතදී ද දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුව ඇති බවට තොරතුරු ලැබී ඇත.

කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන්ද පරීක්ෂණ සිදුකරන ලදී.

මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි.