(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නව වැනි පාර්ලිමේන්තුවේ පස්වෙනි සභා වාරයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධුරය යළිත් වරක් සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා තේරී පත්විය.
එම කමිටුවේ සාමාජිකයන් හර්ෂ ද සිල්වා මහතා මෙසේ තෝරා ගෙන ඇත.
මෙම කමිටුවට පත් කෙරුණු සාමාජික මන්ත්‍රී ලේඛනයද කථානායකවරයා අද ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව ශෙහාන් සේමසිංහ, (වෛද්‍ය) සීතා අරඹේපොල, (ආචාර්ය) සුරේන් රාඝවන්, අනුප පස්කුවල්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නීතිඥ රවුෆ් හකීම්, වජිර අබේවර්ධන, විජිත හේරත්, මහින්දානන්ද අලුත්ගමගේ, දුමින්ද දිසානායක, නීතිඥ චන්දිම වීරක්කොඩි, (ආචාර්ය) නාලක ගොඩහේවා, (ආචාර්ය) හර්ෂ ද සිල්වා, නිමල් ලාන්සා, එම්. ඒ. සුමන්තිරන්, (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන, මයන්ත දිසානායක , හර්ෂණ රාජකරුණා, යූ. කේ. සුමිත් උඩුකුඹුර, (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ, ඉසුරු දොඩන්ගොඩ, නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත, නීතිඥ මධුර විතානගේ සහ එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන යන මන්ත්‍රීවරු එම කාරක සභාවට පත්කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ තීරණයක් කියන්න පුළුවන් සුදුස්සාට සුදුසු තැන ලැබීම සතුටට කරුණක් කියන්න පුළුවන්..!
කෙහෙළිය වගේ සුදුස්සොත් මාර තොගයක් ආණ්ඩුවේ ඉන්නවා නේද?
සුදුස්සාට සුදුසු තැන. නියමයි! අනුරට හොරු දූෂණ ඇල්ලීම බාරදෙන්න...
දිගටම ටොපිය කකා ඉන්න...