IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මුදල් වංචාවකට හිටපු කොස්තාපල් සහ කතක් රිමාන්ඩ්

(කේ  බුද්ධික කුමාරසිරි)

ජපන් රටට රැකියා යවන බවට පවසා පුද්ගලයින් 250 කට ආසන්න පිරිසකගෙන් රුපියල් කෝටි සියයකට ආසන්න මුදලක් වංචා කල බවට සැකපිට අත් අඩංගුවට ගත් කාන්තාවක් සහ එම සැකකාරියට අනුබල දුන් හිටපු පොලිස් නිළධාරියෙකු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු මස 07 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් ලක්ෂ්මී සූරියගේ මහත්මිය නියෝග කලාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ කඩවත ප්‍රදේශයේ පදිංචිකාරියක වන ශර්මිලා ජයරත්න නමැති 51 හැවිරිදි කාන්තාවක සහ රැකියාවෙන් නෙරපා සිටි පොලිස් කොස්තාපල්වරයකු  වන ලක්ෂාන් පුෂ්පකුමාර නමැති 31 හැවිරිදි පුද්ගලයෙකි

මෙම සැකකරුවන් දෙදෙනා මීගමුව  හලාවත මාර්ගය ආසන්නයේ කුලී නිවසක සැගව සිටියදී  මිරිහාන විශේෂ වංචා විමර්ශන ඒකකය අත් අඩංගුවට ගෙන ඇත

අත් අඩංගුවට ගත් සැකකාරිය සදහා මහර මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු 36 ක් සහ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු 11ක් නිකුත් කර ඇති බවද මෙහිදී  අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ඉදිරිපත් ව සිටි නීතිඥ චමිල දේවප්‍රිය මහතා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරන ලදී

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විශේෂ වංචා විමර්ශන ඒකකය ගම්පහ සහ පෑළියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකක සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ වංචාව විමර්ශන ඒකකය මගින් කාළයක සිට මෙම සැකකාරිය අත් අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කල ද ප්‍රදේශයෙන් ප්‍රදේශයට පලා යාම නිසා අත් අඩංගුවට ගැනීමට නොහැකි වී තිබී ඇති බව ද මෙහිදී අධිකරණය හමුවේ අනාවරණය විය

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ වංචා වැටලීම් ඒකකයට පමණක්  මෙම සැකකාරිය සම්බන්ධයෙන් පැමිණිලි 180 ක් ලැබී ඇතැයි ද කරුණු අනාවරණය කරන ලදී

මේ පිළිබදව  විමර්ශන කටයුතු කරමින් සිටි මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂක සාලිය ප්‍රසන්න සුමතිපාල  මහතාට ලද තොරතුරක් මත මීගමුව හලාවත මාර්ගයේ කුලී නිවසක පදිංචිව සිටියදී අත්අඩංගුවට ගත් බවද එම ඒකකය අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරන ලදී

මෙම සැකකාරිය කඩවත ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් එම නිවසට පැමිණිලිකරුවන් සොයා පැමිණීම නිසාවෙන් එම නිවස අතහැර අනුරාධපුර පුත්තලම කුරුණෑගල ආදිය ප්‍රදේශවල කුලී පදනම්වත් ලබාගත් නිවසට පදිංචිව සිට ඇතැයිද සැකකරුවන් භාවිතා කරන මෝටර් රථ කාලයෙන් කාලෙට මාරු කර පරිහරණය කර ඇතැයි ද අනාවරණය වී ඇති බවත් ඒ නිසාවෙන් සැකකාරිය පිළිබදව විශ්වාසය නොමැති බැවින් ඇය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නීතිඥ චමිල දේවප්‍රිය මහතා අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී

එසේම මෙම සැකකාරිය සම්බන්ධයෙන් පැමිණිලි තිබෙන අධිකරණය වලට ඉදිරිපත් කිරීම සදහා අවසර ලබා දීමටද මහේස්ත්‍රාත්වරිය නියෝග කලාය

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ චමිල දේවප්‍රිය මහතා පෙනී සිටින ලදී



අදහස් (0)

මුදල් වංචාවකට හිටපු කොස්තාපල් සහ කතක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site