(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
සුඛෝපභෝගී වෑන් රථ මෝටර් රථ හා කැබ් රථ වෙළෙඳ පොළේ මිලට වඩා අඩුවෙන් ලබාදෙන බව පවසා රුපියල් දෙකෝටි පනස්එක් ලක්ෂයක මුදලක් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය කියයි
අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරයා ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයට අනුක්තව රාජකාරී කල මේ වන විට සේවය අතහැර යාමේ නියෝග ලබා ඇත්තෙකු බව පොලිසිය සඳහන් කරයි
සැකකරු සමග රුපියල් 71500/= ක මුදලක්, ජංගම දුරකථන දෙකක් , ප්‍රසිද්ධ සමාජ ශාලා කීපයක සාමාජික කාඩ් පත් කිහිපයක් හා , බැංකු කාඩ් පත් පොලිසිය මගින් සොයාගෙන ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd