
(රංජන් කස්තුරි)
ශ්‍රී ලාකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයෙන් රාණි ජයමහ මහත්මිය සහ සංජීව ජයවර්ධන මහතා ඉවතවීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.
රාණි ජයමහ මහත්මිය සහ සංජීව ජයවර්ධන මහතා වසර ගණනාවක් මුදල් මණ්ඩලය නියෝජනය කළ සාමාජිකයෝ වෙති.
ශ්‍රී ලංකා මහබැංකු නව පනත මේ වනවිට බලාත්මක හෙයින් මුදල් මණ්ඩලයට නව සාමාජිකයින් පත්කිරීමට මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ඉහළ පෙළේ ආරංචිි මාර්ග සඳහන් කරයි.
මෙතෙක් මුදල් මණ්ඩලයේ සාමාජිකයින් සංඛ්‍යාව පහකට සීමා වී තිබූ අතර නව පනත බලාත්මක වීීමත් සමග එහි සාමාජිකයින් සංඛ්‍යාව නමය දක්වා වැඩි වී තිබේ. ඒ අනුව ඉදිරියේදී මුදල් මණ්ඩලයට නව සාමාජිකයින් පිරිසක් පත්වනු ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න අවස්තාවක් .හැමදේම දන්නවායැයි කියාගන්න පුත්‍ර රත්නයට රටේ ඉතුරුවෙලා තිබෙන ආර්ථිකයටත් අබ සරණයි කියන්න