(සුජිත් හේවාජුලිගේ )
මධ්‍යම රජය,පළාත් සභාව සහ පළාත් පාලන ආයතනවල සේවාවන් සැපයීමේදී සිදුවන මුදල් නාස්තිය වැළැක්වීමට නව යාන්ත්‍රණයක් සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පළාත් සභාවල ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට පළාත් ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් හමුවූ අවස්ථාවේදී ඔහු මෙසේ පැවසුවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද පළාත් පාලන කටයුතුවලට සම්බන්ධ වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි ජනාධිපතිවරයා එහිදි වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණු පළාත් සභාවේ මුදල් නාස්තිය ගැන මගෙන් අහන්න. ආණ්ඩුකාරයගේ උපදේශක රාජ්‍ය සේවා කොමිසමෙත් ඉන්නව. කොමිසම 2020 මාර්ත මාසේ ඉදලම නීති විරෝධීයි.ගසා කන මුදල එකා ලක්ෂ 5 කට වැඩි විය හැකියි.රාජ්‍ය සේවා කොමිෂන් සබාවේ ඉන්න ඕනම අසඛ්‍යාව 3 යි. 7 ක් ඉන්නව. සභාපතිගෙ වයස අවුරැදු 80 යි. වයස අවුරුදු 70 ට අඩු එක් අයෙත් කමයි ඉන්නෙ. සභාපතිට ලක්ෂ එකහ මාරකට වැඩිය පඩි සහ දීමනා ගෙවනවා. මේ දකුණෙ මා ඇතුලු මහජන මුදල්. හිටපු මහ ඇමැති ඇතුලු කට්ට්යත් හොද හොද සේල්ලම් කරල තිවෙනව. මට පුලුවනි ඔප්පු කරන්න. මෙන්න මගේ දුරකථන අංකය 071 -8282669 / 077 1850442 මම මේව ජනාධිපතිතුමාට මෙන්ම තවත් අවශ්‍ය තැන් වලට පැමිණිලි කරලයි තියෙන්නේ. කෝ විසදුම්..? මම නිතරම තියන්නේ මාව කැඳවන්න කියලා. මා හට පුළුවනි අවශ්‍ය අයට ලිඛිත සාක්ෂි ඇතිවම ඔප්පු කරන්න. නගර සභාව බැලුවොත් අම්බලන්ගොඩ නගර සභාව තමයි දූෂිතම නගර සභාව. තානායම විනාශ කළා. නාන තටාගය වටේ ගල් වැටිියක් වෙනුවට වැලි කොට්ට තියලා කෝටියක් විතර ගසා කාලා තියෙනවා. මම ළඟ ලිඛිත සාක්ෂි තියෙනවා. පොලිසිය, අල්ලස් කොමිසම, පොලිස් කොමිසම ඇතුලු සියලු ආයතන කරන්නේ පට්ට බොරු. මම ලැහැස්තියි ඔප්පු කරන්න...
ඕකට අලුත් යාන්ත්‍රණ ඕනෑ නෑ. ඔයා ගෙදර යන්න... නැතිනම් ඡන්දය තියන්න. නටන්න බැරි මිනිහාට පොළව ඇදයි වගේ... තමුන්ගේ බැරිකමට එක එක දේවල් කියනවා.
ඔය තැන්වල ඉන්න වයසක උන්දැලා ටික ගෙදර යැව්වා නම් හරි...
මධ්‍යම රජය, පළාත් සභාව සහ පළාත් පාලන ආයතනවල සේවාවන් සැපයීමේදී සිදුවන මුදල් නාස්තිය වැළැක්වීමට නව යාන්ත්‍රණයක් සකස් කිරීම ඉතාම වැදගත් වේ... එම යාන්ත්‍රණය තුල දූෂණය අවම කිරීම සඳහා මධ්‍යම රජය මගින් ලබදෙන්නා වූ මුදල් වියදම් කරන්නාවූ ආකාරය, tenders කැඳවීම් සහ වෙනත් වියදම් සියල්ල monitor කිරීමේ හැකියාව සහ පළාත් සභාව සහ පළාත් පාලන ආයතන මධ්‍යම රජය සමග විනිවිදව කටයුතු කිරීමේ හැකියාව ලැබේ. එවිට අවශ්‍ය කරන්නාවූ සේවකයින් පිළිබඳවත් පළාත් සභාව සහ පළාත් පාලන ආයතන මගින් සිදුවිය යුතු සේවය පිළිබඳවත් මධ්‍යම රජයට පැහැදිලි අවබෝදයක් තිබේ. මධ්‍යම රජය නියෝජනය කරන්නා වූ කැබිනට් ඇමැතිවරයා එම පළාත් සභාව නියෝජනය කිරීම සහ පාර්ලිමේන්තුවේ නිදා සිටිනා මන්ත්‍රීවරුන් ඔවුන්ගේ පළාත්වලට යොදවා කටයුතු කිරීමේ හැකියාව සහ පළාත් සභාව සඳහාම වෙනම දේශපාලකයින් පත් නොකිරීම නිසාම මුදල් ඉතිරි වීමත්, මධ්‍යම රජයේ පාර්ලිමේන්තුවේ සිටිනා දේශපාලකයින් ග්‍රාමීය මට්ටමින් ඔවුන්ගේ ප්‍රදේශ පිළිබඳව සහ ගම සමග සම්බන්ධකම් පවත්වාගෙන යාමටත් සිදුකළ හැකිවේ.
ජයවීර මහත්තයා හරි කෙලින් මිනිහෙක්. කොහොමත් මොවුන්ගේ වෙස් මුහුණ ගලවන එකට අපි ඔබට ගරු කරනවා. ඇත්තටම ඔබ මේව ගැන ලියනකම් අපි මොනවත් දැනගෙන හිටියෙ නැහැ. සුනිල් දහනායක මගේ හොඳ යාළුවෙක්. මිනිහා කොහොමද ස්වාධීන කොමිසමක සාමාජිකයෙක් වෙන්නේ? තවමත් රින් ටෝන් එක යන්නේ ඔබයි අපේ විරුවා රණවිරුවා වගේ දේශපාලන සිංදුවක්... මේක දැක්ක ගමන් වෙනස් කරාවි ඒක ඉතිං ලජ්ජා නැතිකම... ලැජ්ජාවක් තිබුණා නම් ආණ්ඩුකාරයාගේ උපදේශක ලෙස ඉන්න ගමන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ඉන්නේ නැහැනේ. ඇත්තටම කොමිෂන් සභාව නීති විරෝධී තමයි. මේ අය ඔක්කෝම ගසා කන්නෝ. දැන් ඉන්නේ දකුණේ 11 වන ආණ්ඩුකාරයා. දෙවන ආණ්ඩුකාරයාගේ කාලයේ ඉඳගෙන ඉන්න දෙතුන් දෙනෙක් තවමත් කොමිසමේ ඉන්නවා. වයස අවුරුදු 75 ට වැඩියි. ඇත්තටම මේවා වෙනස් විය යුතුයි. අපි ජයවීර මහතාට ස්තුති කරනවා මේ කරන දැනුවත් කිරීමට.... ඒ්ත් ඔබ පරිස්සම් වෙන්න...
තම තමන්ට හොරාකන්න ලේසි යාන්ත්‍රණයක් හදා ගනියි.. ශුවර්...
යාන්ත්‍රණය හදන සල්ලි නාස්ති නොවේවා... එයයි මාගේ පැතුම...