(සුජිත් හේවාජුලිගේ)

රටේ මුදල් නාස්ති කරමින් කරන රැස්වීම්වලට සම්බන්ධ වන සියලු දෙනාට තම රජයක් යටතේ නිදහසට කරුණු දැක්වීමට අනිවාර්්‍යයෙන්ම සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

රටේ කිසිම සංවර්ධනයක් නොමැති අවස්ථාවක ජනපති රට පුරා යමින් මෙවැනි රැස්වීම් සංවිධාන කිරීම විශාල මුදල් නාස්තියක් බව ඔහු පෙන්වා දුන්නේය.

හෙතෙම මෙසේ පැවසුවේ ඊයේ(14) කොළඔදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

සාගර කාරියවසම් මහතා මෙසේද පැවසීය.

ලංකා ඉතිහාසයේ අපි පළමු වතාවට දකිනවා, ආණ්ඩු බලය රාජ්‍ය බලය තියෙන රාජ්‍ය නායකයා කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් හෝ සංවර්ධනයක් හෝ නැතිව ඡන්දයට කලින් වගේ බොරු කියමින් බොරු පොරොන්දු දෙමින් රැස්වීම් පවත්වනවා. මේ කරන්නේ රටේ මුදල් නිකරැණේ නාස්ති කිරීමක්. මේ රැස්වීම්වලට සම්බන්ධ වන සියලු දෙනාට අපේ රජය යටතේ අනිවාර්්‍යයෙන්ම කරුණු පැහැදිලි කරන්න වේවි.