
(සුමිත් පොතුපිටිය)
තියුණු ආයුධයකින් පහරදී අද රාත්‍රි පුද්ගලයකු ඝාතනය කර ඇති බව මිල්ලනිය පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ මිල්ලනිය කිම්මන්තුඩාව ප්‍රදේශයේ පදිංචි විවාහකයකු බව පොලිසිය කීය.
ඝාතනය සිදුකර ඇති පුද්ගලයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත්, ඔහු සොයා පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය පවසයි.
මුදල් ආරවුලක් හේතුවෙන් ඇතිවූ ආරවුලක් හේතුවෙන් පහරදීම සිදුකර ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරුව ඇති බවද පොලිසිය කීය.
පහරකෑමට ලක්වූ පුද්ගලයා පිහිපහර එල්ලවීමෙන් පසු පොලිසිය අසලට පැමිණ ඇති බවත් පොලිසියේ මැදිහත් වීමෙන් ඔහු හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd