(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක)

උරගස්මංහන්දියහබරුගල ප්‍රදේශයේ පිහිටි නිවසකට අයුතු ලෙස  ගිනි අවියක් රැගෙන   ලෙස ඇතුළු වී නිවෙස් හිමියාගෙන් රුපියල් 32,000 මුදලක් බලහත්කාරයෙන්  ලබාගත් බව කියන ආධුනික පොලිස් කොස්තාපල් වරයෙකු ගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.

මෙසේ වැඩ තහනම් කර ඇත්තේකැලණිය කොට්ඨාසය යටතේ පාලනය වන සපුගස්කන්ද පොලිසියේ රාජකාරි කරන ආධුනික පොලිස් කොස්තාපල්වරයකු ගෙය.

මෙම සිද්ධියට අදාළ තොරතුරු උරගස්මන්හන්දිය පොලිසිය විසින් කැලණිය ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාට දැනුම් දීමෙන් පසු මූලික විමර්ශනයක් පවත්වා ආධුනික  පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.