(රංජන් කස්තුරි)
මුදල් ඇමතිවරයාගේ අනුදැනුමකින් තොරව ඉකුත් කාලයේදී සුරාසැල් බලපත්‍ර 84ක් අලුතින් නිකුත් කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි මුදල් ඇමැති මංගල සමරවීර මහතා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබේ.
2017 වසරේදී සුරාසැල් බලපත්‍ර 10ක්ද 2018 වසරේදී සුරාසැල් බලපත්‍ර 74ක්ද අලුතින් නිකුත් කර තිබෙන බවට තොරතුරු හෙළි වී ඇතැයිද මුදල් අමාත්‍යංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වේගයෙන් දියුණු වෙමින් පවතින සංචාරක ව්‍යාපාරය ගැන සලකා බලා සුදුසුකම් සපුරා ඇති මධ්‍යම ප්‍රමාණයේ සංචාරක හෝටල් සඳහා අඩු තරමින් බියර් බලපත්‍රවත් නිකුත් කිරීම කාලෝචිතය. වෙනත් රටවල නම් සුපිරි වෙළඳසල් වලින්ද අඩු මධ්‍යසාර ප්‍රතිශතයක් ඇති බියර් වැනි බීමවර්ග ලබාගැනීමේ හැකියාව ඇත.
මේ අයගෙන් මොනවා අහන්නද ?
ඒ ඒ දෙපාර්තමේන්තුවලට සුදුසු නිලධාරිවරු පත්කරලා තිබෙන්නේ අවශ්‍ය තීන්දු තීරණ ගන්නටයි ඒ තීරණ ගන්නට 2 පාස් අයගෙන් අවසර ගන්න අවශ්‍යද?
ඒ ඒ දෙපාර්තමේන්තුවලට සුදුසු නිලධාරිවරු පත්කරලා තිබෙන්නේ අවශ්‍ය තීන්දු තීරණ ගන්නටයි. ඒ තීරණ ගන්නට 2 පාස් අයගෙන් අවසර ගන්න අවශ්‍යද?
මේ කව්ද? රටක බලපත්‍රයක් ලබාගන්න අවශ්‍ය සුදුසුකම් තිබෙනවා නම් එ්ක අදාල නිසි බලතල ඇති බලධාරියා විසින් නිකුත් කරනවා විනා, දේශපාලකයෙකුට ඕනෑවිදියට නොකිරීම වරදක්ද? සුරාබදු කොමසාරිස් කොන්ද කෙලින් තියාගෙන වැඩකරයි කියලා හිතනවා. ඇමතියට ඕනෑ විදියට රටේ නීති කරකවන්න පුළුවන්ද? මෙව්වට දෙකට නැමෙන්න නැමෙන්න මේ ගොල්ලෝ හිතන්නේ රටක බලපත්‍ර දීම ඇමැතිලාගේ කටයුත්තක් කියලයි.
හලෝ, තුම්සේලා ඕකට හොම්බ දාන්න කලින් 1960 ගණන්වල ඔය සුරා පර්මිට් එක දුන්නේ සුරාබදු කොමසාරිස්...
මත්පැන් අලෙවි සැලක් විවෘත කරන්න අවශ්‍ය මූලික සුදුසුකම් (කඩ කාමරයේ ප්‍රමාණය, තිබිය යුතු ගබඩා පහසුකම් සහ වෙනත් පහසුකම්, පාසලකට, ආගමික සිද්ධස්ථාන හෝ වෙනයම් පොදු දේවල් වලට තිබිය යුතු අවම දුර) ගැසට් කරන්න. ඉන්පසු එම සුදුසුකම් සපුරන පුද්ගලයින්ට එම අලෙවිසැල් විවෘත කිරීමට ඉඩදෙන්න. මේකට දේශපාලකයින්ගේ අනුමැතිය අනවශ්‍යයි. එහෙම කළාම වෙන්නේ දේශපාලකයන් සහ ඔවුන්ගේ ගෝලයන් පොහොසත් වීම පමණි. මත්පැන් නිපදවන සමාගම් වලට රජයෙන් බලපත්‍ර දීලා තිබෙනවා නම්, ඔවුන් රජයට බදු ගෙවනවා නම්, මොකද මේ විකිනීමට මෙතරම් තහංචි දමන්නේ? තිබෙන ක්‍රමය මත සිදුවෙන්නේ හොර අරක්කු විකුණන ජාවාරම් කාරයෝ පොහොසත් වීම පමණි.