(යොහාන් භාසුර)
මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ධීවරයන් සහ එම ක්ෂේත්‍රය ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් කිසිඳු අවබෝධයකින් තොරව කටයුතු කරමින් සිටින බවත් ඒ අනුව ධීවරයින් රැකබලා ගැනීමට හැකිවන වැඩ පිළිවෙලක් සකස් කිරීමට මෙම නිලධාරීන් සමත්ව නොමැති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ධීවර ක්ෂේත්‍රයෙන් මෙරට ආර්ථිකයට දෙන දායකත්වය පිළිබඳව නිසි අවබෝධයකින් තොරව කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙරට අවිධිමත් අංශයේ රැකියාවල නියුතු සියලුදෙනා හට වෘත්තීය ගරුත්වයක් සහ අභිමානයක් ලබාදීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය ආරම්භ කළ “ගරුසරු” වැඩසටහන යටතේ ධීවර ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු වෘත්තිකයින් සමඟ අද (17) කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ පැවති හමුවකදී අමාත්‍යවරයා එසේ පැවසීය.
2025 දෙසැම්බර් මස 18
21
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුදල් අමාත්‍යාංශයට ධීවරයන් ගැන අවබෝදයක් නෑ
Kazi Shajahan Wednesday, 17 January 2024 04:04 PM
මොකද රනිල්ගේ ගෝලයන්ට පොඩියට අඩුපාඩු කියන්නේ. රනිල්ගෙන් කැපෙන්න තමයි යන්නේ..! දෙනදේ කාලා ඔහේ ඉන්න ... අමාත්‍යාංශයට බනින්නේ නැතිව...
නියෝජ්‍ය මුදල් ඇමති Wednesday, 17 January 2024 04:10 PM
මුදල් ඇමැති ඔයාලාගේ පිනානේ. එයාට ධීවරයින් ගැන විතරක් නෙමේ, මුළු රට ගැන හා රටේ ජනතාව ගැන කිසිම අවබෝධයක් නෑ!!! මම හිතන්නේ වයසත් එක්ක Dementia ව තදවෙලාද කොහේද?
Sumanachandra Wednesday, 17 January 2024 05:22 PM
මුදල් අමාත්‍යාංශයේ විතරක් නෙවෙයි, ලංකාවේ සියලු රාජ්‍ය ආයතනවල කිසිම සේවකයෙකුට නිලධාරි කෙනෙකුට සාමාන්‍ය ජනතාව ගැන අබමල් රේණුවක තරම් හැඟීමක් නැහැ. ඒ ඔක්කෝමලා හිතාන ඉන්නේම ඔවුන්ලා ඔක්කෝම මහ රජවරු කියලා තමයි. උදාහරණයක් හැටියට රාජකාරි ලිපියක් ලියද්දී ඇමතුමක් යොදන්න නියමයක් තිබුණත් ඒ ගැන කිසිම හැඟීමක් නැහැ. ආයතන ලොක්කා වුණත් ඒවා බලන්නේ නැහැ... ඔහේ අත්සන් කරනවා විතරයි ලිපියක් යැව්වත් පිළිතුරු නැහැ. දුරකථන ඇමතුමක් දුන්නත් කතා කරන්නේ නැහැ. සමහර කෙනෙක් කියන්නේ මම දන්නේ නැහැ මාගේ වැඩක් නොවෙයි... එහෙම නැත්නම් පොතේ තියෙන්නේ ඔහොම තමයි කියලා කියනවා. රජයේ සේවයේ විශ්‍රාම ගත් අයෙක් හැටියට අපිට මේවා හරිම වේදනාවක් වෙනවා රටේ මේ තත්වය ඇති කළේ නූගතුන් ලක්ෂයකට රැකියා ලබාදීම කළ ජනාධිපති තමයි...